spot_img
spot_imgspot_img

ටින් මාළු, දුඹුරු සීනි ප්‍රමිතිය පරීක්ෂා නොකර වෙළෙඳ පොළට මුදාහැරලා

පුවත්

විදෙස්

ප්‍රමිතිය සහ විෂ පිළිබඳ පරීක්ෂාවකින් තොරව දුඹුරු සීනි සහ ටින් මාළු තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ.

ආනයනය කරනු ලබන භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේවලට අනුවය. එහි දී ආනයනය ‍කරනු ලබන තොගවලින් ලබාගන්නා නියැදි පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රමිතිය සහ විෂ රසානික අඩංගුවන්නේ ද සොයා බැලීමෙන් අනතුරුව වෙළෙඳ පොළට නිකුත්කිරීම සිදුවෙයි.

එසේ වුව ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 23ක් වටිනා දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 6,323ක් නියැදි පරීක්ෂාවකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. මෙම සීනි තොගය ගෙන්වා ඇත්තේ 2019-2021 අතර කාලයේ දී ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුකූලතා සහතිකය ලබා නොගෙන අවස්ථා 1,014ක දී එම සීනි තොග ගෙන්වා ඇත. එම අවස්ථාවලින් නියැදි පරීක්ෂා කර ඇත්තේ අවස්ථා 49ක දී පමණි

මේ අතර ලියාපදිංචි නොකළ ආයතන 31ක් වමින් ඇමෙරිකානු ඩොලර් කෝටි09ක් වටිනා ටින්මාලු බහාළුම් 4,300,000ක් මෙරටට ගෙන්වා ඇති බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ. එම ටින්මාලු තොඟ සඳහා නියැදි පරීක්ෂණයක් සිදු නොකර වෙළෙඳ පොළ වෙත නිකුත් කර තිබේ.

එමෙන්ම අවස්ථා 1,522ක දී නිෂ්පාදන ආයතන 36ක් විසින් ටින්මාළු තොග වශයෙන් ගෙන්වා ඇති අතර එම තොග ටින්මාළු සන්නාම 48කට අයත් වේ. ඒ අතරින් නිෂ්පාදකයන් 05 දෙනකු පමණක් ටින්මාළු ගෙන්වීම සදහා ලියාපදිංචි වී සිටි අතර ඔවුන් සන්නාම 20ක් සඳහා එම තොග ගෙන්වා ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ආනයනික භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කළ යුත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමෙන් පසුව බැවින් අදාල පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් නොකිරීමටත්, සුදුසු මාර්ගෝපදේශ හෝ ක්‍රමවේදයක් නොමැති බවයි. එබැවින් මෙවැනි ගැටලු ඇති වී තිබෙන බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!