spot_img
spot_imgspot_img

දුප්පත් මිනිසුන්ගෙන් රජය මුදල් හූරාගන්නා හැටි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියයි. බදු ගෙවන්න සමෘද්ධියත් මදි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවක් වෙත පැටවෙන බදු 2021 ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී 42%කින් වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසින් මෙම සමීක්ෂණය සිදුකළ තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිව් දෙනකුගෙන් යුතු සාමාන්‍ය පවුලක් බදු මුදල් ලෙස රුපියල් 28,000ක් රජයට ගෙවන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මත පැටවුණු බදු මිල 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ දී තුන් ගුණයකින් වැඩි වී ඇතැයි ඔහු කීවේය. නව බදු සංශෝධනය හේතුවෙන් ගෙවීමට සිදුව ඇති වක්‍ර බදු පමණක් රුපියල් 4,000.00කින් ‍ඉහළ ගොස් ඇති බව ද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

දරිද්‍රතා මට්ටමෙන් සිටින පවුලක් දිනකට වක්‍ර බදු රුපියල් 460.00ක් හෙවත් මාසයකට රුපියල් 3900.00ක් ගෙවන බවත් මහාචාර්ය වරයා පවසයි.

ශ්‍රී ලංකා‍වේ සිටින දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් 10%ක් එනම් පවුල් 570,000ක් සැළකූ විට ඔවුන් රුපියල් 6700.00 වක්‍ර බදු ප්‍රමාණයක් මාසයකට ගෙවන බවත් පෙන්වාදෙන මහාචාර්යවරයා පවසන්නේ සමෘද්ධි සහනාධාරයෙන් රුපියල් 4500.00ක් ලැබුණ ද අමතර රුපියල් 2,200.00ක් ඔවුන් රජයට ගෙවිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!