spot_img
spot_imgspot_img

මාසයකට විදුලි ඒකක 8,500ක් ගත් පන්සලකට බිල ගෙවා ගන්න බැරිවෙලා

පුවත්

විදෙස්

මාසයකට විදුලි ඒකක 8,500 ක් භාවිතා කරන විහාරස්ථානයක් ඇති බවත් එහි බිල රුපියල් 550,000.00කට අධිකයැයි ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

කොළඹ පිහිටි කාමර 35කින් සමන්විත තම හෝටලයේ වායු සමන යන්ත්‍ර සහ විදුලි පංකා පවා භාවිතා කළ ද මාසයකට වැයවන විදුලි ඒකක ගණන 7,500 කට වඩා අඩු අගයක් ගන්නා බව ද ඔහු පවසයි. හෝටලයක බිල පවා ඉක්මවමින් විහාරස්ථානයක මේ තරම් විශාල විදුලි පරිභෝජනයක් සිදුකිරීම ගැටලු සහගත බව ද හෙතෙම පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කිරීමට පෙර එම විහාරස්ථානයේ විදුලි බිල රුපියල් 80,000.00ක් පමණ වූ බවත් දැන් එය 550,000.00ක් බැවින් ගෙවාගත නොහැකි බවත් පවසමින් එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමු කර ඇතැයි ද ජනක රත්නායක පවසයි.

සභාපතිවරයා පවසන්නේ මෙවැනි අධික පරි‍භෝජනයක් ඇති ස්ථානවලට එවැනි බිලක් ලැබීම සාධාරණ බවයි. මුලින්ම කළ යුත්තේ අධික විදුලි පරිභෝජනය අඩු කිරීම බවත් ඉන් පසු සහනාධාරයක් දෙනවා ද නැද්ද යන්න රජය තීරණය කළ යුතු දෙයක් බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කීවේය.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන 48,000 තිබෙන බවයි. එම සිද්ධස්ථාන වෙත විදුලිය සහනදායී ක්‍රමයට ලැබුණු බැවින් අධික පරිභෝජනය සිදුකර ඇති බව පෙනෙයි. නමුත් ආගමික ස්ථාන අතරින් 75%ක් පමණ ඒකක 180ට වඩා අඩු ප්‍රමාණයක් මාසිකව භාවිතා කරන බවත් 25% ක් පමණ ඉතාමත් අධික පරිභෝජනයක් කරන බවත් ජනක රත්නායක වැඩිදුරටත් කීවේය.

සාමානය නිවසක විදුලි පරිභෝජනය ඒකක 60ක් ලෙස සැළකුවහොත් මෙම විහාරස්ථාන පමණක් නිවාස 141ක මාසිකව භාවිතා කළ හැකි තරම් විදුලි ප්‍රමාණයක් භාවිතා කර තිබේ.

ආගමික ස්ථානවල විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් අප rata.lk වෙබ් අඩවිය විසින් විමසීමට ලක්කළ අතර එහි දී ජනතාවගෙන් 97%ක් ම කියා සිටියේ කිසිම ආගමික ස්ථානයකට සහනදායී මිලට විදුලිය ලබා නොදිය යුතු බවයි.

එම සමීක්ෂණය පිළිබඳ විස්තර මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!