spot_img
spot_img

ජාතික සභාවට මන්ත්‍රීවරු 27ක් පත්වෙති

පුවත්

විදෙස්

ජාතික සභාව පිහිටුවීම සදහා දැනටමත් මන්ත්‍රීවරු 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු එලෙස පත්කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරුණු  ජාතික සභාව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව  පාර්ලිමේන්තුවේදී පසුගිය 20  වෙනිදා සම්මත විය.

රට පත්ව ඇති අර්බුදයට විසඳුම් සෙවීම මෙම ජාතික සභාව පිහිටුවීමේ අපකේෂාව විය. ආර්ථිකය ස්ථායීකරණය ඒ සඳහා අවශ්‍ය කාර්යයන් සඳහා එකඟතා ඇතිකර ගැනීම ජාතික සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාව ඉදිරිපත් කරමින් කීවේය.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්  විශේෂ කාරක සභාවල සභාපතිවරුන්  සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගීවන විශේෂ රැස්වීම් වෙනුවෙන්  අවශ්‍ය  කටයුතු සංවිධානය කිරීමද මෙම ජාතික සභාවට  පැවරෙන වගකීමකි.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ජාතික සභාවට හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!