spot_img
spot_imgspot_img

“ආගමික ස්ථානවලට විදුලි බිල් සහනය දෙන්න එපා” යැයි රටේ ජනතාවගෙන් 97%ක් ම කියයි (සමීක්ෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න)

පුවත්

විදෙස්

ආගමික ස්ථානවල විදුලි ගාස්තු ඉහළ ගොස් ඇතැයි ද ඒ හේතුවෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද බෞද්ධ භික්ෂූන් කියති. ඔවුන් පවසන්නේ රජය තවදුරටත් සිය ආගමික ස්ථානවලට විදුලිය සහනදායී ක්‍රමයකට ලබාදිය යුතු බවයි.

මෙය සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහට ලක්වෙමින් පවතින අතර ආගමික නායකයෝ ද සියල ඉල්ලීම දිගින් දිගටම සිදුකරති.

මැදගොඩ අභයතිස්ස හිමි කියා සිටියේ තම විහාරස්ථානයේ විදුලි බිල රුපියල් 60,000.00ක් බවයි. එවැනි බිලක් විහාරස්ථානයකට ගෙවීම ට සිදුවන්නේ මාසිකව විදුලි ඒකක 1,000කට වඩා භාවිත කරන්නේ නම් පමණි. එක් විහාරස්ථානයකට ඒ තරම් විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න අවශ්‍ය වන්නේ ද පවා ගැටලුවකි.

මේ හේතුවෙන් rata.lk ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකරන ලදී. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද එම සමීක්ෂණය සඳහා පුද්ගලයන් 672 දෙනකු අද (22) රාත්‍රී 8.00 වනවිට ප්‍රතිචාර දක්වා තිබිණි.

ආගමික ස්ථාන සඳහා මෙතෙක් තිබූ සහන ගෙවීමේ ක්‍රමය ඉවත්කිරීමට එකඟ ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ ඔවුන් අතරින් 653 දෙනකු ම කියා ඇත්තේ ආගමික ස්ථාන සඳහා සහන ගෙවීමේ ක්‍රමය ඉවත්කළ යුතු බවයි. එය ප්‍රතිචාර දැක්වූ අයගෙන් 97.17% ප්‍රතිශතයකි. ප්‍රතිචාර දැක්වූ අයගෙන් ‍12 දෙනකු හෙවත් 1.78% පවසා ඇත්තේ ආගමික ස්ථානවලට ලබාදුන් සහනය ඉවත්කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවයි. එම සහනය ඉවත්කිරීම සම්බන්ධයෙන් කිසිසේත්ම එකඟ නොවන බව ප්‍රකාශ කළ සංඛ්‍යාව 07 දෙනෙකි. එය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 1.04% ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකි.

ආගමික ස්ථාන විදුලි භාවිතය සඳහා සාමාන්‍ය ගාස්තු අය කළ යුතුද නැතිනම් සහනයක් ලබාදිය යුතු ද යනුවෙන් අප විමසූ පැනයට පිළිතුරු ලබා දීමේ දී ප්‍රතිචාර දක්වා තිබූ අයගෙන් 6.4%ක් හෙවත් 42 දෙනකු පවසා තිබුණේ තවදුරටත් ආගමික ස්ථාන සඳහා සහනයක් ලබා දිය යුතුය යන්න තම අදහස බවයි. කිසිසේත්ම සහනයක් ලබා දීම නොකළ යුතු යැයි පවසන පිරිස අදහස් දැක්වූ අයගෙන් 30.9% හෙවත් 204කි. සහනයක් ලබා දිය යුතු යැයි තරමක් දුරට පිළිගන්නා පිරිස 66ක් වූ අතර එම පිරිස 10%ක ප්‍රතිශතයකි. ආගමික ස්ථානවලින් සාමාන්‍ය ගාස්තු අය කළ යුතු යැයි පවසන පිරිස 52.7%ක් හෙවත් 348කි. එම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබුණේ 660 දෙනෙකි.

ආගමික ස්ථානවල විදුලි පරිභෝජනය අඩුකළ හැකිද යනුවෙන් ද අපි මෙහි දී ප්‍රශ්නයක් යොමුකර තිබූ අතර එයට පිළිතුරු දක්වා තිබූ පිරිස 654 දෙනෙකි.

ඔවුන් අතරින් 474 දෙනකු හෙවත් 72.5%ක් ම කියා ඇත්තේ විහාරස්ථානවල විදුලි බිල අඩුකළ හැකි අතර එය අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් බවයි. එය අඩුකළ යුතු බව පවසන සංඛ්‍යාව 162 දෙනකු හෙවත් 24.8%කි. ප්‍රතිචාර දැක්වූ 654 දෙනා අතරින් ආගමික ස්ථානවල විදුලි පරිභෝජනය අඩුකළ නොහැකි  යැයි කියන 06 දෙනෙක් සිටිති. එය ප්‍රතිශතයක් ලෙස 0.9%ක ප්‍රමාණයකි. මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නැති පිරිස 12 දෙනෙක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 1.8%කි.

ආගමික ස්ථානවල විදුලි පරිභෝජනය අධික වීම සම්බන්ධයෙන් අපි සාධක කිහිපයක් ඉදිරිපත් කර ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස් විමසුවෙමු. එහි දී අනවශ්‍ය විදුලි බල්බ භාවිතය විදුලි බිල වැඩි වීමට හේතුවක් බව කියන පිරිස 35.5% කි. එය ප්‍රතිචාර දක්වා තිබූ 660ක පිරිසකගෙන් 234 දෙනෙකි. විදුලි පංකා භාවිතය විදුලි බිල අධික වීමට හේතුවක් වන බව පවසන පිරිස 144 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස 21.8%ක් විය. වායු සමන යන්ත්‍ර විහාරස්ථානවල භාවිතා කරන බවත් විදුලි බිල වැඩිවීමට එය හේතුවක් බවත් පැවසූ සංඛ්‍යාව 150 දෙනෙක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 22.7%කි. ශබ්ද විකාශන යන්ත්‍ර ද විදුලි බිල වැඩිවීමට හේතුවක් වන බව පවසන සංඛ්‍යාව 210 දෙනෙක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 31.8%කි. අනවශ්‍ය විදුලි බල්බ, විදුලි පංකා, වායු සමන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර යන සියල්ල විදුලි බිල වැඩිවීමට හේතුවක් යැයි කියූ පිරිස 480ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි. ප්‍රතිචාර දැක්වූ 660ක පිරිස අතරින් 18 දෙනකු හෙවත් 2.7% පවසා තිබුණේ තමන්ට ඒ පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති බවයි.

මේ වනවිට විදුලි බිල්පත වැඩිවීමට දැඩි විරෝධයක් දක්වන බොහෝ ආගමික නායකයන් පවසන්නේ තම ආගමික ස්ථාන සතුව විදුලි බිල්පත් ගෙවීමට මුදල් නොමැති බවයි.

නමුත් අපගේ සමීක්ෂණයට අදහස් දක්වා තිබූ 660ක පිරිස අතරින්න 504 දෙනකු හෙවත් 76.4%ක් පවසන්නේ ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා මුදල් ඇතැයි තම විශ්වාසය බවයි. විදුලි බිල්පත් ගෙවීමට ආගමික ස්ථාන සතුව මුදල් නොමැතියැයි පවසන පිරිස 8.2%ක් හෙවත් ප්‍රතිචාර දැක්වූ අය අතරින් 54 දෙනෙකි. මේ අතර ඒ පිළිිබඳ තමන් සතුව පැහැදිළි අදහසක් නැතැයි කියූ සංඛ්‍යාව 102 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස 15.5%කි.

විදුලි බිල්පත් ගෙවීමට බව පවසමින් ආගමික ස්ථානවලින් මුදල් එකතු කරන්නේ ද යනුවෙන් අප විමසූ විට ඊට ප්‍රතිචාර දැක්වූ සංඛ්‍යාව 654 දෙනෙකි.

ඔවුන් අතරින් 72.5%ක් හෙවත් 474 දෙනෙකු ම පවසන්නේ ආගමික ස්ථානවලින් විදුලි බිල් ගෙවීමට කියමින් බැතිමතුන්ගෙන් මුදල් එකතුකරගන්නා බවයි. මුදල් එකතු නොකරන බව පැවසූ සංඛ්‍යාව 12 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස 1.8%ක් වන අතර 25.7% කියා තිබුණේ තමන්ට ඒ පිළිබඳ පැහැදිලි අදහසක් නැති බවයි. එය සංඛ්‍යාත්මකව 168 ක පිරිසකි.

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා මුදල් එකතු කරන්නේ නම් එසේ ලැබෙන මුදල් පිළිබඳ අදහස විමසූ විට ඊට 654 දෙනකු ප්‍රතිචාර දක්වාව තිබිණි.

ඔවුන් අතරින් 68.8%ක් හෙවත්  450 දෙනකු පවසන්නේ විදුලි බිල ගෙවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදලක් විදුලි බිල් ගෙවීම සඳහා බැතිමතුන්ගෙන් ආගමික ස්ථානවවලට එකතුවන බවයි. විදුලි බිල ගෙවීමට ප්‍රමාණවත් මුදලක් බැතිමතුන්ගෙන් ආගමික ස්ථානවලට එකතු නොවන බව පැවසූ පිරිස 36 දෙනෙකි. එය 5.5%ක ප්‍රතිශතයකි. තමන්ට ඒ පිළිබඳ පැහැදිලි අදහසක් නැතැයි කී සංඛ්‍යාව 168 දෙනෙක් වන අතර ප්‍රතිශතයක් ලෙස 25.7%කි.

රජයෙන් විදුලි බිල්පත ඉහළ දමන තුරු ආගමික ස්ථාන සඳහා සහනදායී ක්‍රමයට විදුලිය සපයා ඇති බව දැන සිටි පිරිස ප්‍රතිචාර දැක්වූ 654 දෙනාගෙන් 627ක් හෙවත් 95.87%ක ප්‍රතිශතයකි. 4.12ක් හෙවත් 27 දෙනකු ඒ බව දැන සිටියේ නැත

සියලු ආගමික ස්ථානනවල විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩි වී ඇති බව අපට ප්‍රතිචාර දැක්වූ 660 දෙනකු අතරින් 653 දෙනකුම දැන සිටියහ. එය ප්‍රතිශතයක් ලෙස 98.93%කි. ඒ බව දැන නොසිටි 07 දනෙකු ද අපට ප්‍රතිචාර දක්වා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 1.07කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!