spot_img
spot_imgspot_img

ආදි වාසීන් අතර මත් ජවාරම්කරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

පුවත්

විදෙස්

දිඹුලාගල ආදිවාසී ගම්මානවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජවාරාමේ කොටස්කරුවන් වී ඇති බැවින් එවැනි අය සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

මනම්පිටිය පොලිසිය මෙම මෙහෙයුම දියත් කර ඇත. පොලිසිය පවසන්නේ ආදිවාසී කාන්තාන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් සිටින බවයි. ආදිවාසී ගම්මානවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඔවුන්ගේ නිවාසවල සෙවිළි තහඩු, උළුඅහු ජනෙල් පවා ගලවා විකුණා දමා ඇති බවයි. ඇතම් අය තම නිවාස පවා විකුණා ඇති බවත් මෙය වහාම මැඩලීම සඳහා විශේෂ මෙහෙයුක් දියත් කරන බවත් පොලිසිය සඳහන් කරයි.

ඊයේ (18) සිදුකළ මෙහෙයුම්වලින් වයස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!