spot_img
spot_imgspot_img

මහ රැජින, සිය වල්ලභයා සමඟ ම රාජකීය සොහොන් ගැබට යයි

පුවත්

විදෙස්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය සහ ඔහුගේ වල්ලභයා වූ පිලිප් කුමරුගේ දේහය අද (19) රාජකීය සොහොන් ගැබතුළ තැන්පත් කිරීමට නියමිතය.

රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය ජනතාවට ලැබී තිබූ අවස්ථාව අද උදෑසන 6.30ට අවසන් වෙයි. අනතුරුව රැජිනගේ දේහය සහිත අවමංගල්‍ය පෙරහැර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට එරට වේලාවවෙන් පෙරවරු 10.44ට පිටත් වෙයි. වෙස්ට් මිනිස්ටර් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙය උදෑසන 11.00ට ආරම්භ ‍වීමට නියමිතය. අනතුරුව දේහය වෙලිංටන් ආර්ක් වෙත රැගෙන ගොස් සවස 3.00ට අවසන් දේව මෙහෙය පැවැත්වෙන වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන යයි. අවසන් දේව මෙහෙය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 පසු වී එරට වේලාවෙන් සවස 4.00ට පැවැත්වෙයි.

ඉන් අනතුරුව වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය තැන්පත් කරනු ලබයි. දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා පිලිප් කුමරුගේ දේහය ද රැජිනගේ දේහය අසළින්ම මිහිදන් කිරීමට නියමිතය. රැජිනගේ මරණය සිදුවන තුරු ඇගේ වල්ලභයාවන පිලිප් කුමරුගේ දේහය වෙනත් තැනක ආරක්ෂිතව තැන්පපත් කර තිබිණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ රාජකීය සොහොන් ගැබ මෙලෙස විවෘත කරන්නේ වසර 20කට පසුව බවය. දෙවැනි එළිසබෙත් රැජිනගේ පියා වන 06 වැනි ජෝර්ජ් රජු සහ මව් රැජිනගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කර තිබේ.

මෙම දේහ තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා අවසර ලැබනේනේ මහ රැජින‍ගේ සහ පිලිප් කුමරුගේ දරුවන් සිව්දෙනාට පමණි. මේ අතර රාජකීය පවුලේ මුණුබුරු මිණිබිරියන් අවසන් වරට සිය මිත්තනියට විනාඩි 15ක පමණ කාලයක් අවසන් ගෞරව දක්වා තිබේ. එම මුණුබුරු මිණිබිරියන් පිරිස රාජකීය අවමගුල් උත්සවයක දී ගෞරව දැක්වීමක් සිදුකර ඇත්තේ ප්‍රථම වරට වීම ද විශේෂත්වයක් බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව දැඩි කර ඇති. ඒ සඳහා පොලිස් නිලධාරින් 20,000කට අධික පිරිසක් යොදවා ඇති අතර ලන්ඩන් නුවර ඇතුළු ප්‍රදේශවල ආයුධ සන්නද්ධ නිලධාරින් යෙදවීමට ද පියවර ගෙන තිබේ. රැජින අභාවප්‍රාප්ත වූ විට සිදුකරන ක්‍රියාදාමය ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් ලෙස හඳුන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!