spot_img
spot_imgspot_img

විශ්ව ශක්තිය ඇතයි කියමින් දැරියන් කෙළසූ කපුවා රිමාන්ඩ්

පුවත්

විදෙස්

තමන්ට විශ්ව ශක්තියක් ඇති බව පවසමින් 12 හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කපුවෙකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මහිල් වීරන්තන සතරසිංහ අද (16) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරනන ලද්දේ කුලියාපිටිය පල්ලේවෙල මංසන්ධියේ විශ්මිත වෙද මැදුර නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානය් පව්තවාගෙන ගිය රුෂාන් චින්තක විජේසූරිය නමැති අයෙකි. ඔහු වයස අවුරුදු 37ක් වන එක් දරු පියෙකි.

මෙම සැකකරු විසින් එම දැරිය බියයට පත්කර වසර දෙකක පමණ කාලයක් තිස්සේ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ මොහු විසින් අපයෝජනය කළ තවත් දැරියන් පිළිිබඳ තොරතුරු ඇති බවයි.

පොලිසිය අධිකරණයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි. සැකකරුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන විමර්ශන සිදුකිරීම සඳහාා ද අවසර ඉල්ලා තිබිණි.

සැකකරු විශ්වශක්තියෙන් දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින් රට පුරාම කීර්තිමත්  නාමයක් ලබා සිටින බැවින් ප්‍රදේශවාසීන් කිහිප දෙනකු ඔහු සමඟ ඊර්ශ්‍යාවෙන් මෙවැනි අභූත චෝදනා සැළසුම් කර ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීහ.

මෙම දැරිය අපයෝජනයට ලක්කළා යැයි කියන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් බව ද පවසමින් නීතිඥයන් සැකකරු ඇප මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

සැකකරුගේ නීතිඥයන් පවසන්නේ තම සේවාදායකයා වෙදකම සම්බන්ධයෙන් ගෞරව නාම පවා ලබා ඇති බවයි. එමෙන් ම මේ පැමිණිල්ල සාධාරණ කාලයක් තුළ දී ඉදිරිපත් නොවීමෙන් ම මේ පැමිණිල්ල සාවද්‍ය බව තහවුරු වන්නේ යැයි ද ඔවුහු කීහ.

මේ සියලු කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!