spot_img
spot_imgspot_img

ගෑස් නියාමනයක් නෑ. රාජ්‍ය ආයතන තුනක් වගකීම් පැහැර හැරලා

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධ නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් වර්තමානයේ ගෑස් භාවිතය අනතුරුදායක බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සඳහන් කර තිබේ. එයට පානීය ජලය පවා ඇතුළත් වුව ද පිපිරීමකට හෝ ගිනි ගැනීමකට හෝ භාජනය විය හැකි ගෑස් සිලින්ඩර, රෙගියුලේටර හා ගෑස් බට ඇතුළත් කර නැත. මෙලෙස ගෑස් සිලින්ඩර සහ ඒ ආශ්‍රිත උපකරණ සඳහා ප්‍රමිතියක් අවශ්‍ය නොවීම ද වර්තමානයේ ගෑස් භාවිතය අවදානම් තත්වයකට පත්වීමට හේතුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ උපකරණ සඳහා ප්‍රමිති සකස්කර තිබුණ ද ඒවා භාවිත කාරීමට හෝ ඒ අනුව ගුණාත්මක ක්‍රමවේදයක් සකසා නැත. එමෙන්ම හිස් ගෑස් සිලින්ඩර සඳහා පමණක් ප්‍රමිතිය ලැයිස්තු ගත කර තිබේ.

ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරනු ලබයි. නමුත් මෙරටට ආනයනය කරන සහ මෙරටින් අපනයනය කරන භාණ්ඩ පරීක්ෂා කළ යුතුයැයි ආනයන අපනයන පාලක මණ්ඩලය විසින් සඳහන් කර ඇති ලේඛනයට ගෑස් ඇතුළත් නොවීම ද බරපතල ගැටලු සහගත තත්වයකි.

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් ගිනි ගැනීම්, පිපිරීම ආදී ගැටලු මතුවන තුරු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කිසිම නෛකිත ආකාරයකින් ඊට මැදහත් වී නැත.  

විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ආනයන අපනයන පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික සේවා අධිකාරිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල පාරිභෝජන රටාව වෙනස්වීම, තාක්ණික වෙනස්කිරීම්, ප්‍රමිතිය හඳුනාගැනීම සම්බන්ධ ක්‍රියාවලියට කිසිම අවස්ථාවක දී මැදිහත් නොවීම ගැටලු සහගත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!