spot_img
spot_imgspot_img

“වැඩ නොකර නිදහසට කාරණා එපා” ජනාධිපති රජයේ ලොක්කන්ට කියයි

පුවත්

විදෙස්

“ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාරය සම්පාදනය කිරීමේ සැළැස්ම සාර්ථක නොකර අරයා මෙයා නිසා වැඩ කරන්න බැරිවුණා යැයි කියාගෙන එන්න එපා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කීවේය.

අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රය සවිබල ගැන්වීමේ සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමිනි.

ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනා එකට වැඩ කළ යුතුයැයි ද ජනාධිපතිවරයා කීවේ ය.

ලෝකයේ ම ආහාර අර්බුදයක් පවතින බැවින් ආහාර ප්‍රශ්නයට ලබන වසරේදීත් මුහුණ දීමට සිදුවන බවත් ඇතැම් විට වසර දෙක තුනක් එය පැවතිය හැකි බවත් ඔහු කියා සිටියේය.

මහ කන්නයේ පොහොර ලබා ගැනීම සඳහා දැනට ඩොලර් මිලියන දෙසීයක් පමණ සොයා ගෙන තිබෙන අතර තවත් ඩොලර් මිලියන විස්සක් පමණ  සොයාගත යුතු බව ද ජනාධිපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!