spot_img
spot_img

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී

පුවත්

විදෙස්

යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන් කරන හමුදා සමඟ සටන් කිරීම පසෙක තබා තම ආයුධ බිම තබමින් යටත්ව ඇති බවයි.

යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලන්ස්කි ‍ගේ උපදේශකවරයෙක් වන ඔලෙක්සි ඇරෙස්ටෝවිච් පවසන්නේ යුක්රේන හමුදාව විසින් පසුගිය දින කිහිපයේ දී රුසියන් හමුදා සෙබළු විශාල සංඛ්‍යාවක් අල්ලාගෙන ඇති බවයි. ඔවුන්ට නවාතැන් දීම පවා දුෂ්කර වී ඇති බව ද ඔහු පවසයි.

දකුණු කෙර්සන් කලාපපයේ යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ලකරන විට ඊට එරෙහිව සටන් කිරීමට රුසියානු හමුදාවට ප්‍රමාණවත් ආයුධ පවා නැති බැවින් ඔවුන් යටත්වීමට සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා  වේ. යුක්රේන ජනාධිපතිවරයා සිය දේශනයක දී කියා සිටියේ නැගෙනහි සහ දකුණු දිග ප්‍රදේශවල සිය හමුදා විසින් නැවත වර්ග සැතපුම් 2,300ක් අල්ලා ගත් බවයි. එය ලන්ඩනයේ ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ විශාල වෙයි. මේ ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා තවත් ආයුධ සපයන බව ද ජනාධිපතිවරයා පවසයි.

“රුසියානු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බරටහිර රටවල සහය අවශ්‍යයි” යනුවෙන් ද ජනාධිපතිවරයා කීවේය. සිවිල් ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතිි සඳහා බටහිර රටවල සහය අවශ්‍ය බව ද ඔහු ඉල්ලා සිටියි.

රුසියාව නැවතත් ක්‍රෙම්ලිනයේ පාලනය යටතට ගෙන ඒම සඳහා දින ගණනාවක් පුරා ‘විශේෂ හමුදා මෙහෙයුමක්’ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පෙබරවාරි 24 දින යුක්රේනය ආක්‍රමණය කළ නමුත්, කියෙව් අවට නින්දිත පරාජයකට මුහුණ දී පසු බසින්නට ද සිදුවිය.

ඉන් පසුව සිදු වූයේ මාස ගණනක රුධියර වැගිරෙන යුද්ධයක් ඇතිවීමයි. රුසියාවේ කාලතුවක්කු ප්‍රහාර යටතේ යුක්රේනයත් ප්‍රති ප්‍රහාර එල්ල කළ අතර දෙපාපර්ශවයට ම විශාල වශයෙන් හානි සිදුව තිබේ.

https://www.dailymail.co.uk/news/article-11205529/Ukraine-continues-push-Russia-raising-hopes-turning-point-war.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!