spot_img
spot_imgspot_img

මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයක

පුවත්

විදෙස්

මියන්මාරයේ හමුදා නායකයා අද(05) රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මෙය මාස දෙකකට අඩු කාලයකදී රුසියාවේ සිදුකරන ලද ඔහුගේ දෙවන සංචාරයයි.

මියන්මාරයේ පාලක හමුදාව, වර්ධනය වන ජාත්‍යන්තර පීඩනයට ලක්ව ඇති බැවින් එය ශක්තිමත් කිරීමට දරන උත්සාහයක් ලෙස විචාරකයෝ මෙම සංචාරය හඳුන්වති.

මියන්මාරයේ අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් තේරී පත් වූ රජයට එරෙහිව පසුගිය වසර මුලදී කුමන්ත්‍රණයකට නායකත්වය දීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන්ට මියන්මාරයේ බොහෝ ජාත්‍යන්තර රැස්වීම් නියෝජනය කිරීම තහනම් කර ඇත.

ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදී නායකයා ලෙස මොස්කව් වෙත ප්‍රථම වරට පැමිණියේය.

මියන්මාරය, යුධ උපකරණ ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ රුසියාවයි. කුමන්ත්‍රණයෙන් පසු හමුදාව විරුද්ධවාදීන්ට එරෙහිව මාරාන්තික බලය යෙදවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර හෙලාදැකීමක් ලබමින් සිටි අවස්ථාවක, රුසියාව මියන්මාරයට සහාය දුන් පළමු රටවලින් එකකි.

මියන්මාර රාජ්‍ය මාධ්‍ය පැවසුවේ හමුදා ප්‍රධානියා ආර්ථික සමුළුවකට සහභාගී වන බවයි.

රුසියාව මියන්මාරයට COVID-19 එන්නත් ලබා දී ඇති අතර, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර සම්බාධක මධ්‍යයේ රුසියාව නව ව්‍යාපාර මූලාශ්‍ර සොයන බැවින්, සැපයුම් ගැටළු ලිහිල් කිරීම සඳහා මියන්මාරය රුසියානු පෙට්‍රල් සහ ඉන්ධන තෙල් ආනයනය කිරීමට සැලසුම් කරයි. 

මියන්මාරයේ ද සම්බාධක රැල්ලකට ගොදුරු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ක්‍රියාකාරීන් මියන්මාර හමුදාවට, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන සාහසික ක්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර, මියන්මාරයට අවි අලෙවිය නවත්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ. කුමන්ත‍්‍රණයෙන් පසු මියන්මාර හමුදාව ඩ්‍රෝන යානා, ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති ලබාගැනීම සඳහා රුසියාවෙන් ඉල්ලීම් කර තිබේ.

මියන්මාර හමුදාව පවසන්නේ තමන් “ත්‍රස්තවාදීන්ට” එරෙහිව සටන් කරන බවයි. 2020 වර්ෂයේ පැවති වංචනික මැතිවරණයෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවත් ඔවුහු පවසති.

https://www.reuters.com/world/myanmar-junta-chief-makes-another-visit-russia-2022-09-05/

1 COMMENT

Leave a Reply to Martin Waduge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!