spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කැනඩාවේ දී සම්මාන ලබති

පුවත්

විදෙස්

කැනඩාවේ සිටින හොඳම සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තේරී පත්ව ඇතැයි කැනඩාවේ ඔටාවා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි

එලෙස තේරී ඇත්තේ මහාචාර්ය ජනක රුවන්පුර සහ අචාර්ය ශිවකුමාර් ගුලසිංහම්  යන දෙදෙනාය.

කැනඩාවේ සංක්‍රමණනිික සඟරාව විසින් මෙම ලැයිස්තුව වාර්ෂිකව සකස් කරන අතර 2022 වර්ෂයට අදාල සම්මාන ප්‍රදානෝත්වසය පසුගිය දා ටෙ‍ාරොන්ටෝ නගරයේ දී පැවැත්විණි. එහි දී  ධෛර්යවන්ත කැනේඩියානු සංක්‍රමණිකයන් ලද ජයග්‍රහණ සැමරීම සිදුකරයි.

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයකු වන රුවන්පුර ඉදිකිරීම් පිළිබඳ විද්වතෙකි. කැල්ගර් විවශ්වවිද්‍යාලයේ උප පරිපාලන නිලධාරීවරයා ද වන ඔහු ජාත්‍යන්තර පර්යේෂණ උප සභාපපතිවරයා ලෙස ද කටයුතු කරයි. ඔහු විසින් සිදුකර ඇති නවෝත්පාදන නිෂ්පාදන, සිදුකර ඇති පර්යේෂණ කැනඩාවේ සම්මානයට පාත්‍ර වී තිබේ. තම ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලැබූ පුද්ගලයෙකි.

මෑතකදී එතුමා ලද සම්මාන කිහිපයක් අතරට Distinguished Alumni සම්මානය (ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය), ශ්‍රී ලංකා පදනම (ලොස් ඇන්ජලීස්) වෙතින් හිමිවන Life Time Achievement සම්මානය සහ City of Calgary’s International Achievement සම්මානය ඇතුළත් වේ.

අචාර්ය ශිවකුමාර් ගුලසිංහම් ශාරීරික වෛද්‍ය විද්‍යාව සහ පුනරුත්ථාපන වෛද්‍යවිද්‍යාව සම්බන්ධ විද්වතෙකි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්යවරයකු වන ඔහු ටොරොන්ටෝ පුනරුත්ථාපන ආයතනයට අනුබද්ධව කටයුතු කරයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ ශිවකුමාර්

 විශ්වවිද්‍යාල සෞඛ්‍ය ජාලයේ ටොරොන්ටෝ පුනරුත්ථාපන ආයතනයට අනුබද්ධිත සම්මානලාභී ශාරීරික වෛද්‍ය විද්‍යා සහ පුනරුත්ථාපන වෛද්‍යවරයකු සහ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහයක මහාචාර්යවරයෙකු වේ. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකි. කැනඩාවට සංක්‍රමණය වීමට පෙර, ආචාර්ය ගුලසිංහම් මහතා ශ්‍රී ලංකා ජාතික පුනරුත්ථාපන රෝහලේ ප්‍රධාන කායික වෛද්‍යවරයා ලෙස සේවය කළේ ය.

ඔහු ඇත්ලටික්ස් කැනඩා (Athletics Canada) වර්ගීකරණය, ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටු වර්ගීකරණය හිමි ජාතික මට්ටමේ ලෝක – පැරා මළල ක්‍රීඩා සහ ලෝක පැරා – නර්ථන ක්‍රීඩා පුහුණුකරුවෙකි.     ආචාර්ය ගුලසිංහම් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය පිරිනමන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මානුෂවාදය සඳහා වන මයිකල් ගෝර්ඩන් සම්මානය, වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයින් – මානුෂීය සහ ස්වේච්ඡා සේවා සම්මානය, Junior Chambers International සම්මානය (JCI) , ශ්‍රී ලංකාව (2004) ඇතුළු කීර්තිමත් සම්මාන රැසකින් පිදුම් ලැබී ය.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්නද මෙම කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගීවී තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!