කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 38,606ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 16 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,071ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 1,534
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 381
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 367
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 24
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මිලේනියම් හවුසින් සමාගම 22%
- කහවත්ත වැවිලි සමාගම 21%
- ඔටෝඩ්‍රොම් සමාගම 21%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12 රුපියල් 125.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 447
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 286
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 173
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 88ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 71ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 15
- බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 10
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එච් සෙනිඩ් සමාගම රුපියල් මිලියන 24
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 08
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ