බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300ක් පමණ ගිය තැන ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ප්‍රධාන දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පාටලීපුත්‍රයේ අශෝකාරාමයේ දී පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස නිර්මල ථෙරවාදී ුදු දහම අපට දායාද වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ දී ය. ථෙරවාදී බුදු දහම තවමත් නොනැසී පවත්නා ලොව එකම රට අප යැයි ලාංකිකයා උදම් වන බව පැවසයි යුතුය
බුදු දහම ලංකාවට රැගෙන ආවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද හිමි ප්‍රමුඛ දුත කණ්ඩායමක් විසිනි. උන් වහන්සේ සමඟ මෙරටට පැමිණි භණ්ඩුක උපාසක මිහින්තලාවේ දී පැවිදි කර උපසම්පදා කිරීමත් සමඟ මෙරට භික්‍ෂූත්වය ආරම්භ විය.
ලාංකික පුත්‍රයෙකු ලෙස මෙරට පැවිදිව විනය ප්‍රගුණ කරන ලද්දේ අරිට්ඨ තෙරුන්ය. උන්වහන්සේ මෙරට ප්‍රථම භික්ෂුව ලෙස අප සලකන්නෙමු. මේ අන්දමට ගොඩනැගුණු මෙරට භික්‍ෂුත්වය ඉන්දියාවෙන් ලද දායාදයක් ලෙස අපි සලකන්නෙමු.
අපේ අධ්‍යත්මික ජීවිතය හැඩ ගැසීමට ඉවහල් වන බෞද්ධ භික්‍ෂූත්වය ඉන්දියාව හරහා දායද වූවා සේ ලෞකිකත්වයට ඉතා තදින්ම බලපාන ලද රාජ්‍යත්වය දායාද වූයේ ද ඉන්දියාවෙනි. රාවණා, මණිඅක්ඛිත, චුලෝදර, මහෝදර වැනි රජවරු ආර්යයන් පැමිණීමට පෙර ලාංකීය දේශපාලනය තුළ සිටියා යැයි විශ්වාසයක් පැවතිය ද රාජ්‍යත්වය අප රටට රැගන ආවේ විජය රජු හා ඔහුගෙන් පසු පණ්ඩුවාසදේව රජුය. මෙලෙස ඉන්දියාවෙන් දායාද වූ භික්ෂුත්වය හා රාජ්‍යත්වය යන සංස්ථා දෙක මෙරට ඉතිහාසයේ ඉතා සමීපව ගමත් ගත්තාවු ආයතන දෙකක් බැව් පැවැසිය හැකිය. එක් අවස්ථාවක හික්ෂුත්වය ඉහළට එසවුණු අතර තවත් අවස්ථාවක දී එය යටපත් කොට රාජ්‍යත්වය ඉහළට පැමිණි අවස්ථා මෙරට ඉතිහාසය අධ්‍යයනයේ දී පැහැදිළිව දක්නට ලැබේ.
ජීවිතය තුළ හට ගන්නා සියලු දුක් නසා නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා පැවිදි ජීවිතයට එළඹෙන භික්‍ෂූන් වහන්සේ තමන්ට පමණිස නොව අනුන්ට ද හිත සුව පිණිස කටයුතු කළ යුතු පුද්ගලයකුගේ වගකීම දරිය යුතුය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම වූයේ ද දෙව් මිනිස් සහිත ලෝකයේ හිත සුව පිණිස පැවිද්දා ධම්ම චාරිකාවේ යෙදිය යුතු බවයි. බුදුන් වහන්සේ පන්සාලිස් වසක් දෙව් මිනිස් ලොව හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදීමේ අවසන් ප්‍රතිඵලය වුයේ ඉන්දියාව පුරාම ඉතා වේගයෙන් බුදු දහමේ පණිවුඩය ගමන් කිරීමයි. ඉන්දියාවට සීමා වී තිබූ බුදු දහම ඉන්දියාව තුළත් ඉන් පිටත බටහිර ලෝකකයටත්, අග්නිදිග ආසියාවටත්, දකුණු ආසියාවයන් ව්‍යාප්ත කළ පුද්ගලයා අශෝක අධිරාජ්‍යයාය. විවිධ ක්‍රමවේදයන් භාවිත කරමින් අශෝක අධිරාජයා ථෙරවාදී බුදු දහම ඉන්දියාව තුළත් ඉන් පිටතත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. ලංකාවට බුදු දහමත්, බෞද්ධ භික්ෂූත්වයත්, දායාද වන්නේ මෙහි ප්‍රතිඵලයකිනි. ථෙරවාදී බුදු දහමේ ව්‍යාප්තියට අශෝක අධිරාජ්‍යයා දක්වූ දායකත්වයට දක්වමින් මහායාන බුදු දහම ව්‍යාප්ත කළේ කණිෂ්ක නම් විදේශීය පාලකයාය
ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට යාද වූ රාජ්‍යත්වය දරණ පුද්ගලයාට පැවරුණු කාර්යයන් කිහිපයක් විය. විදේශීය තර්ජනයන්ගෙන් රට ම ආරක්ෂා කරගැනීම. අභ්‍යන්තරයේ මතුවන අර්බුදයන් සමනය කරගැනීම, ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය සංවර්ධනය කර ගැනීමට ආධාර දීම, රජුගේ ප්‍රධාන කාර්ය භාරයන් විය. ප්‍රධාන ආගම වූ බෞධ්ධාගම හා සම්බන්ධ ගොඩනැගිලි ඉදිකිරීම හා ඒවා පවත්වාගෙන යෑම රජුගේ ප්‍රධාන යුතුකමක් විය.
මෙලෙස රජු තම ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන කැමේදී ලංකාවේ ප්‍රධාත ආගමික සංස්ථාව වූ භික්ෂූන් වහන්සේ සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වීය. රජු හා බෞද්ධ භික්ෂූණ් අතර ඇති වූ සබඳතාවේ ස්වරූපය අනුව එය කොටස් කීපයකට ව්‍යාප්ත වූ බව පෙනවාදීමට පුළුවන
- අනුශාසනා සහ උපදෙස් දීම
- ආරක්ෂාව ලබා දීම
- අධ්‍යාපනය බෙදාදීම
මිහිඳු හිමි පැමිණීමත් සමග මෙරට මුල් බැසගත් භික්ෂු සංස්ථාව රජු විසින් මුල් මෙොහතේ හිස් මුදුණින් පිළිගත් බව පෙනේ. දේවානම්පියස්ස රජු විසින් මිහිඳු හිමි ඇතුළු භික්ෂූණ් වහන්සේලා හැට නමකට ලෙනක් තනා පූජ කළ බව මහාවංශයේ සඳහන් ය. මෙය මෙරට ඉතිහාසේ භික්ෂූත්වය වෙනුවෙන් රාජ්‍යත්වය සිදු කරන ලද ප්‍රථම පූජාව විය. දේවානම්පියතිස්ස රජු මිහිඳු හිමි සමඟ මහමෙව්නාවේ අනානගයේ දී ඉදිවන ගොඩනැගිලි ලකුණු කිරීමට සම්බන්ධ වීමෙන් තහවුරු වන්නේ රාජ්‍යත්වය භික්ෂුවගේ උපදෙස් එක සිතින් පිළිගත් බවයි. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරන ථූපාරාමය ඉදිකිරීමේ දී ද දේවානම්පියතිස්ස රජු මිහිඳු මාහිමියන්ගේ අවවාද පිළිගත් බව මහාවංශ කතා පුවතෙන් හඳුනාගත හැක
මෙලෙස ආරම්භයේ සිට ම අපට දක්නට ඇත්තේ මෙරට භික්ෂූන් වහන්සේ රාජ්‍ය අනුශාසකත්වයෙන් ඔබ්බට නොගිය බවයි. මේ කාලය තුළ භික්ෂුව රජුට සැලසුම් සම්පාදකයෙකු ලෙස ද කටය්ත කළ බව ථූපාරාම ඉදිකිරීමේ දී හඳුනාගත හැක. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස පමණ වන තෙක් අල්පේච්ඡ ජීවිතයක් ගත කළ භික්ෂුව මේ සියවසත් සමඟ වෙනස් වූ අයරු දැකිය හැකියි.
එතෙක් ආගමික කටයුතුවලට පමණක් පමණක් සම්බන්ධ වී සිටි භකුෂුව ඉන් ඔබ්බට ගොස් රජුගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දුටුගැමුණ රාජ්‍ය කාලයේ පටන් ය. දුටුගැමුණු රජුගේ පියා කාවන්තිස්ස රජු කුඩා කාලයේ දී තම පුතුන් දෙදෙනා භික්ෂූන් ඉදිරියට ගෙන්වාගෙන් ගිවිසුමකට එකඟකරගත් බව මූලාශ්‍රයන්හි සඳහන්ය මෙහි දී රකුමරුවන් බෞද්ධ භික්ෂූන් ඉදිරියට කැඳවා ඔවුන් කිසිම දිනක සංඝයා වහන්සේට ගරු නොකර නොසිටින බවට පොරොන්දුවක් ගෙන ඇත. දේශපාලන කටයුතුවල දී භික්ෂූන් වහන්සේලා දුටුගැමුණු රජ දවස සෘජුවම එයට සම්බන්ධ වනවා දැකිය හැක. චූලංගනීපිට්ඨි හෙවත් සුළුගුණා පිටියේ දී එකිනෙකා අරගල කර ගත් සද්ධාතිස්ස හා දුටුගැමුණු කුමාරවරු අතර සමාදානයක් ඇති කළේ ගෝඨගත්තතිස්ස නම් භික්ෂුව විසිනි. මෙලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂුව එහි උච්චතම අවස්ාවකට ගමන් කරන්නේ දුටුගැමුණු රජුගේ යුද ක්‍රියාවලියේ දී ය.
එළාර විරෝධී සටනේ දී දුටුගැමුණු රජුගේ හමුදාව කතා බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගමන්ගත් බව විහාර මහාවංශයේ සඳහන් වේ. සටනට ගමන් කිරීමට පෙර රජු රුහුණේ තිස්සමහ විහාරයට ගොස් තම සටන සඳහා බෞද්ධ භික්සුවන්ට ද ඉදිරියෙන් ගමන් කිරීමට පෙර රජු රුහුණේ තිස්සමහ විහාරයට ගොස් තම සටන සඳහා බෞද්ධ භික්ෂුවන්ට ද ඉදිරියෙන් ගමන් කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එය මහාවංශ කතුවරයා දක්වන්නේ මෙසේය.
“ශාසනය බබුළුවන්නට මම ගඟ එතෙර යන්නෙමි. සත්කාර කරන පිණිස අප කැටිව යන්නට භිකෂූන් දුන මැනව. භික්ෂූන්ගේ දර්ශනය අපට මඟුල් ද ආරක්ෂාව ද වන්නේය.” (මහාවංශය 25)
දුටුගැමුණු රජුගේ මේ ඉල්ලීමට අවධානය යොමු කළ තිස්සමහාවිහාරික භික්ෂූන් වහන්සේලා 500ක් රජුගේ යුද පෙරමුණේ ගමන් ගත් බව සඳහන්වේ. රජතුමා මෙලෙස භික්ෂූන් වහන්සේලා තම යුද පෙරමුණට සම්බන්ධ කර ගත්තේ එලාර රජුගෙන් අල්ලා ගන්නා ප්‍රදේශවල ජනතාවගේ සහාය ලබා ගැනීමටයි. දුටුගැමුණු රජතුමාගේ හමුදාව තුළ සිවුරු හැර පැමිණි භික්ෂූන් වහන්සේලා ද සිටි බව සඳහන් වේ. ථෙරපුත්තාභය යෝධයා එවන් භික්ෂූන් වහන්සේ නමක් බව මහාවංශ කතාව තුළින් තහවුරු වේ. භික්ෂූන් වහන්සේට මිනිසුන් පොළවා ගැනීමේ හැකියාව තිබූ බව මේ සිදුවීමෙන් සනාථ වේවි. ථෙරපුත්තාභය යෝධයා යුද ජයග්‍රහණයෙන් අනතුරුව නැවත සිවුරු දරා බණ දහම් වඩා රහත් වූ බව ද පත පොතේ සඳහන්ය. මෙලෙස දුටුගැමුණු රාජ්‍ය කාලය තුළ බෞද්ධ භික්ෂුව හා රජතුමා අතර ඉතා දැඩි සබඳතාවක් තිබූ බව මෙතුළින් සනාථ වේ. මහාථූපයේ ධාතු නිධානෝත්සවය සඳහා අවශ්‍ය සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ඒමට බෝණුක්කර නම් තෙරුන් නාග ලෝකය බලා ගමන් කර ඇත්තේ ද මේ රාජ්‍ය කාලය තුළය.
දුටුගැමුණු රජ දවස මෙරට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂුව තමන්ට අයත් නොවන කටයුතුවලට සම්බන්ධ වීම නිසා හානි කරගත් අවස්ථා ද ඉතිහාසය තුළින් හඳුනාගත හැක. සද්ධාතිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් වීමට නියමිතව සිටියේ ලජ්ජිතිස්ස නම් කුමාරයාය. නමුත්, බෞද්ධ භිික්ෂූන් වහන්සේ තමන්ට අයත් නැති කටයුත්තකට සම්බන්ධ වෙමින් රජුගේ දෙවැනි පුත් ථූලස්ථන සිංහාසන ගත කර ඇත. මෙම සම්ප්‍රදායික ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සිදු කරන ලද දේශපාලන පත්වීමට ලජ්ජිතිස්ස ප්‍රතිචාර දැක්වීමට පසුබට වී නැත. මේ පත්වීමට රරෙහිව යමින් අනුරාධපුරයේ බලය පැහැරගත් ලජ්ජිතිස්ස වසර 03ක පමණ රාජ්‍ය කාලය තුළ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපයක් අනුගමනය කර ඇත. මෙලෙස තමන්ට අයත් නොවන කටයුතු වලට බෞද්ධ භික්ෂුව සම්බන්ධ වීම නිසා ඔවුන්ට සමාජය තුළ තිබූ පිළිගැනීම ද අවතක්සේරු කරගත් අවස්ථා ඉතිහාසය තුළින් හඳුනාගත හැක.
බෞද්ධ භික්ෂුව හා රාජ්‍යත්වය අතර ඉතාම සමීප සබඳතාවයන් නිර්මාණය වූ කාල වකවානුවක් ලෙස වලගම්බා රාජ්‍ය කාලය හඳුන්වා දීමට පුළුවන. ක්‍රිස්තු පූර්ව 103 දී බලයට පත් වලගම්බා රජුට රජ වී මාස 05ක් ගත වීමට මත්තෙන් ප්‍රබල ද්‍රවිඪ ආක්‍රමණයකට මුහුණ දීමට සිදුව ඇත. මෙම මොහොතේ රජකම අහිමි වූ රජතුමා ද අවශ්‍ය රැකවරණය සකසා දී ඇත්තේ කුපික්කල මහා තිස්ස නම් භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ පිඬුසිගා ගෙතා ආහාර රජුටත් පවුලේ සාමාජිකයන්ටත් ආහාර පිණිස ලබා දී ඇත. දුෂ්කර වූ මොහොතේ තමාට උද වූ උපකාර කළ කුපික්කල මහා තිස්ස හිමිට රජු වැටකේ පතක ලියා ගම්වරයක් පූජා කර ඇත. මෙය මෙරට ඉතිහාසයේ භික්ෂුවක් උදෙසා සිදුකළ පළමු පෞද්ගලික පූජාව වේ. රජකම අහිමිව වනගතව සිටි වලගම්බා රජුට ද්‍රවිඩයන් සමඟ සටන් වැදීමට අවශ්‍ය හමුදා ශක්තිය දියුණු කුපික්කල හිමියන් උදව් ලබා දී තිබේ. උන්වහන්සේ රජුට තණසිව නම් ප්‍රාදේශීය නායකයෙකු හඳුන්වා දීම රජු හා භික්ෂුව අතර තිබූ සමීප සබඳතාවය පෙන්නුම් කරන්නකි. රජු සමඟ සිටි යුද සෙනවියන් හත් දෙනකු රජු අතහැර ගිය අවස්ථාවේ දී ඔවුන් නැවත වලගම්බා රජු සමග සමගි කරවා ඇත්තේ හම්බුගල්ලක තිස්ස නම් භික්ෂුන් වහන්සේ නමකි.
ද්‍රවිඩයන් පරදා දෙවන වර රජ වූ වලගම්බා රජු කුපික්කල හිමියන්ට කළගුණ සැළකීමට ද පැකිලුනේ නැත. තමන් විසින් වැටකේ පතක ලියා පුදන ලද ගම්වරය ඇතුළත් කරමින් රජු අභයගිරිය නම් විහාරය ඉදිකරවා මහා තිස්ස හිමියන්ට පුජා කර ඇත.
“අගත අනගත චතු දීඝ සගශ දිනේ” යනුවෙන් පැවැති සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් කරන ලද මේ පූජාව මෙරට ඉතිහාසයේ පළමු පෞද්ගලික ආරාම පූජාව ලෙස ද සළකයි. මෙම පූජාව පිළිගත් නිසා මහා විහාරීය භික්ෂුන් මහාතිස්ස හිමියන්ට චෝදනා කළෙන් උන් වහන්සේගේ ගෝල බහලුමස්සු තිස්ස හිමියන් තම හිතවත් භික්ෂුන් 500 ක් රැගෙන මහා විහාරයෙන් මිදි අභයගිරියේ පදිංචියට ගොස් ඇත. මෙය මෙ රට ඉතිහාසයේ ප්‍රථම සංඝභේදය ලෙස ද සලකයි.
ඇතැම් අවස්ථාවන්හිදී රාජ්‍යත්වයට පත්වන පුද්ගලයා තම ආරක්ෂාව සපයා ගැනීමට භික්ෂුත්වය තෝරා ගත් අවස්ථාද ඉතිහාසය තුළින් හඳුනා ගත හැක. වලගම්බා රජුගේ පුත් චෝරනාගගේ බිසව වූයේ අනුලා දේවියයි. ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ කාමාශාවන් නිසාම රාජ්‍යත්වයේ ගැටලු ඇතිකළ තැනැත්තියක් ලෙස ප්‍රකටය. ඇය කුඩාතිස්ස නම් රජු විෂදී ඝාතනය කර තම අභිමතය පරිදි රාජ්‍ය විචාරා ඇත. මෙයින් බිය වූ කූටකණ්ණතිස්ස හෙවත් මකලන්තිස් රජු තම ජීවිතය ආරක්‍ෂාකර ගැනීමට පැවිදි ජීවිතයට ප්‍රවේශ වී ඇත. නමුත් අනුලා රැජිත මරා නැවත අනුරාධපුරයේ බලයට පැමිණ ඇත්තේ උපැවිදිවීමෙන් අනතුරුවයි. මේ සිදුවීමෙන් පෙනෙන්නේ රාජත්වය භික්ෂුවකට අයත් හැකි ගිහියෙකුට පමණක් අයත් සංස්ථාවක් බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හා බෞද්ධ භික්‍ෂූන් අතර ගැටුම් ඇතිවූ අවස්ථාද නැතිවාම නොවේ රජු හා භික්ෂුව අතර ගැටුම් ඇති වූ අවස්ථාවක් ලෙස කනිරාජානුතිස්ස රාජ්‍ය කාලය හඳුන්වා දීමට පුළුවන. මේ රාජ්‍ය කාලය තුළ බෞද්ධ භික්ෂූන් දොපර්ශ්වයක් අතර මිහින්තය ප්‍රදේශයේ ගැටුමක් වී ඇත. මේ මෙහොයක් දෙපාර්ශ්වය ම සාධාරණයක් ඉටුකර දෙන ලෙස රජුගෙන් ඉල්ලා ඇත කණිරජාහුතිස්ස රජතුමා එම ඉල්ලීමට සාධාරණත්වය ඉටුකරවා ඇත. සියලු කරුණු කාරණා විමසා බලා සියල්ලට ම පිළිගත හැකි නීතියටත් යුක්තියටත් ගැලපෙන සාධාරණ තීන්දුව රජු විසින් ලබාදි ඇත.
නමුත් එක් පාර්ශ්වයක් මේ තීන්දුවෙන් සැහීමට පත් වුයේ නැත. මෙම පිරිස එයින් පසු රජු මිහින්තලා පෝය ගෙය තුළදීම මරා දැමීමට කුමන්ත්‍රණය කර ඇත. මෙය හෙළි වූ විට රජු කළේ එම කුමන්ත්‍රණය පිටුපස සිටි භික්ෂූන් වහන්සේලා 60 දෙනකු අල්ලා මිහින්තලේ කණිර නම් පර්වතයකින් හෙළා ඝාතනය කරවීමයි. මෙම සිදුවීමෙන් පසු වසර 50 ක් පමණ කාලයක් අනුරාධපුරයේ බලයට පත්වුණු කිසිදු පාලකයෙක් මිහින්තලේ භික්ෂුන් සමග සබඳතා පවත්වා නැති බව හඳුනාගත හැක. කණිරජානුතිස්ස රාජ්‍ය කාලය තුළ බෞද්ධ භික්‍ෂූන්ට නැතිව ගිය ආගමික බලය නැවත වසභ රාජ්‍ය කාලය වන විට අත්පත් තරගැනීමට හැකිවීම විශේෂ ලක්‍ෂණයයි.
අනුරාධපුර යුගයේ බෞද්ධ භික්ෂූන් රජුට අධ්‍යාපනය ලබා දීමට පමණක් නොව ඔහුට රැකවරණ ලබා දීමට ද පෙළඹුණ අවස්ථා දක්නට ඇත. සිරිසඟබෝ යන විරුදයෙන් හඳුන්වන ලද සිරිසංඝබෝධි රජු බෞද්ධ භික්ෂුන් සමග ඉතා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් විය. මේ රජතුමාට කුඩා අවයේ දී අධ්‍යාපනය මෙන්ම පෝෂණය ලබා දුන්නේද නන්ද නම් තෙරුන් වහන්සේ නමකි ඉතා ධාර්මික පාලකයෙක් වූ මොහු දවස රත්තාක්ෂ නම් යක්‍ෂ බියක් ඇති වූ අතර එය නතර කිරීමට රජු අටසිල් සමාදන්ව අධිෂ්ඨානයක් කළ බව මහාවංසයේ සඳහන් වේ. රජු සොරුන් මර්දනය කිරීමට මළවුන්ගේ සිරුරු රහසින් ගෙන්වා ගින්නෙන් පුළුස්සා සොර උවදුරු නසන ලද බව ඉතිහාසයේ සඳන් වේ. මේ ආකාරයත් ලෝකෝත්තර තත්ත්වයට ඉතා සමීප වූ සංඝබෝධි රජු අවසානයේ තම හිස පවා දන් දීමට නොපසුට වු බව පෙනේ.
මෙරට රාජ්‍යත්වය හා බෞද්ධ භික්‍ෂුව අතර ඉතා සමීප සබඳතා ඇතිවූ යුගයක් ලෙස ගෝඨාභය රාජ්‍ය කාලය හා මහසෙන් රාජ්‍ය කාලය හඳුන්වා දීමට පුළුවන ථෙරවාදී බුදු දහයට එරෙහිව යම් ආගමික මතවාදයක් මතුව ආව ද අනුරාධපුර රජවරු එය මර්දනය කිරීමට තොපසුබට වු බව පෙනේ, ගෝඨාභය රජ දවස වෛතුල්‍යවාදී ආගමික අදහස් දරු භික්‍ෂුන් 60 දෙනකු හංවඩු ගසා ඔවුන් මෙරටින් පිටුවහල් කරන්නේ රජුට තිබූ බලය උපකාරී කරගෙනය. මෙවැනි දඩුවම් ලබාදීමේ දී රජු කරාතිරම් නොබලා කටයුතු කළ බවත් වෛතුල්‍යවාදී හික්ෂූන්ට රජු මෙවන් ක්‍රියයාකාරිත්වයක් අනුගමනය කළ ද ථෙරවාදය ගරු කළ භික්‍ෂුහ්ට නොයෙක් වරප්‍රසාද ලබාදී ඇත.
ලෝවාමහාපාය පිළිසකර කිරීම, සෙල්මුවා බුදු පිළිම තුනක් කරවීම, ථුපාරාමයේ වටදාගෙය කරවීම, මිරිසවැටිය හා දක්ෂිණ විහාරය යනාදියේ හොය ගෙය කරවීම, භික්‍ෂූන්ට එම සිවුරු පූජා කිරීම වැනි බෞද්ධ භික්ෂුන්ගේ සිත් දිනාගත්තා කටයුතු ද රජු විසින් කර ඇත. මහායාන අදහස් දරු භික්ෂූන් මෙරටින් පිටුවහල් කළ ද රජු එම අදහස් පිළිගත් සංඝමිත්‍ර නම් භික්ෂුවගේ අදහස්වලට අසු වූ බව පෙනේ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රජු තම පුතුන් දෙදෙනා වූ ජෙට්ඨතිස්ස හා මහාසේන දෙදෙනාගේ අධ්‍යාපනය සංඝතිස්සට බාරදීමයි. ජෙට්ඨතිස්ස කුමරු සංඝමිත්‍ර භික්ෂුවගේ අදහස් නොපිළිගත් අතර මහසෙන් පමණක් සංඝමිත්‍රගේ අදහස්වලට ගරු කළේය. ගෝඨාභය ඇවැමෙන් රජගෙදර ඇමැතිවරු ජෙට්ඨතිස්ස කුමරුට බලය නොදී මහසෙන් කුමරුට බලය දීමට කුමන්ත්‍රණයක යෙදුනත් එය අසුවූ බව පෙනේ. ඇතැම් විට මේ කුමන්ත්‍රණය පිටුපස සංඝමිත්‍ර භික්ෂුවද සිටින්නට ඇත. නමුත් රාජ්‍යත්වයේ බලය ස්ථාවර කරගත් ජෙට්ඨතිස්ස කුමන්ත්‍රණය පිටුපස සිටි සියලු ඇමැතිවරුන් ඝාතනය කර ඔවුන්ගේ හිස් සිය පියාගේ චිතකය වටා තබා ඇත. මෙම සිදුවීමෙන් බියට පත් සංඝමිත්‍ර භික්‍ෂුව ඉන්දියාවට පලාගිය අතර නැවත පැමිණ ඇත්තේ මහසෙන් කුමරු රාජ්‍යත්වයට පත්වීමත් සමගයි.
තම ගුරුවරයා ලබාදෙන ඕනැම උපදෙසක් අවවාදයක් පිළිගැනීමට ශිෂ්‍යයා බැඳී සිටින බව අංගුලිමාල කතාව තුළින් අප අසා ඇත. එය පිහිගන්විත සිදුවීමක් ලෙස සංඝමිත්‍ර – මහගසන් සම්බන්ධය පෙන්වා දීමට පුළුවන. සංඝමිත්‍ර නම් භූත විද්‍යා, ආචාර්යවරයාට අවශ්‍ය වූයේ තම ගෝලයා ලවා තම ගුරුහිමිට හංවඩු ගැසූ මහා විහාරය විනාශ කිරීමයි. එය සංඝමිත්‍ර භික්ෂුව මහසෙන් රජු ලවා ඉටුකරවා ගනී. තම මතයට නංවාගත් මහසන් ලවා මහා විහාරය ජනශුන්‍ය කිරීමට සංඝමිත භික්‍ෂුව සමත් විය. රජයේ ක්‍රියාකලාපයට බිය වූ ඒ මහා විහාරික හා මිහින්තලා භික්ෂුන් වහන්සේලා තම ආගමික මතවාදය ආරක්‍ෂා කර ගැනීමටත් ජීවිතය රැක ගැනීමටත් සමහරක් මලය කඳුකරයටක්, තවත් සමහරෙක් රුහුණටක් පලාගිය බව සඳහන්ය.
රජුගේ මේ ක්‍රියාකාරිත්වයන් නිසා වසර 09 ක් පමණ මහා විහාරය පාළුවට ගිය බව දැක්වේ. ඊට එරෙහිව රට තුළ මතු වූ කැරැල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ රජුගේ බිසවක විසින් සංඝමිත්‍ර භික්ෂුව ඝාතනය කිරීමත් මේඝවර්ණාභය ඇමැතියා විසින් රජුට උදව් කළ සෝණ ඇමැතියා ඝාතනය කිරීමත්ය. රටේ ජනතාවගේ බලපෑම මත මහසෙන් රජු මහා විහාරය නැවත ගොඩනැංවුව ද ඔහු මහාවිහාර සීමාව උල්ලංඝනය කර – ජේතවනාරාමය ඉදිකර තමන්ට හිතවත් භික්ෂුවකට එය පුජා කරන ලදී. කොහොන්තිස්ස නම් භික්ෂුවට පූජා කළ එම විහාරය නිසා නැවත වරක් මහා විහාරයීය භික්ෂූහු රජුට එරෙහිව නැඟී සිටියහ. පූජාව පිළිගත් භික්ෂුවගේ සීලය සම්බන්ධ ගැටලුවක් මතු වූ තිසා රජුට සිදු වූයේ ධාර්මික නම් ඇමැතියකු ලවා උන්වහන්සේ විනිශ්චය කරවීමයි.මෙහිදී ගත් තීරණය වුයේ කොහොන්තිස්ස හිමි සිවුරු හැරවිය යුතු බවයි. මෙලෙස මහසෙන් රජු සංඝමිත්‍ර නම් භික්ෂුව සමග ද කොහොන්තිස්ස නම් භික්ෂුව සමගද ඉතා සමීප සබඳතා පැවැත්වූ බව පෙනේ.
මෙරට රාජ්‍යත්වය හා බෞද්ධ භික්ෂුව ඉතා සමීප සබඳතා පැවැත්වූ තවත් අවදියක් ලෙස උපතිස්ස හා මහාතාම රාජ්‍ය අවදි හඳුන්වා දීමට පුළුවන. භික්ෂුන් සමග රජ ගෙදර බිසෝවරු අනියම් සබඳතා පැවැත්වූ බවට ඉතිහාසය තුළින් කතා පුවත් හමුවේ කැලණිතිස්ස රජුගේ බිසව භික්ෂුවක් සමග අනියම් සබඳතාවක් පැවැත්වූවා යැයි සැක සිතා කැලණිතිස්ස රජු මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා ඝාතනය කරවූ බව ද ඉතිහාසයේ දැක්වේ.
පළමුවැනි උපතිස්ස රජුගේ බිසවක් රජුගේ සහෝදර පැවිදිව සිටි මහානාම සමඟ සබඳතාවක් පවත්වා ඇත. මහාතාම රජු බලයට පත් වූයේ සිය සොහොයුරාගේ බිරිඳ සමඟ පැවැත් වූ සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් මේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේද රාජ්‍යත්වය ගිහියකුට මිස පැවිද්දෙකුට අයත් නැති කටයුත්තක් බවයි. මේ සබඳතා තුළින් තහවුරු වන්නේ මෙරට ඇතැම් භික්ෂුන් වහන්සේලා රජගෙදර සමග ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා අනාගත රජුන් තැනීමේ කාර්යභාරය ඉටු කළ බවට අපට තොරතුරු රැසක් මහාවංසය තුළින් හඳුනාගත හැක. ධාතුසේන කුමාරයාගේ කුඩා කාලයේදී පණ්ඩු, පාරින්ද, කුද්ධ පාරින්ද, තිරිතර, දාඨිය හා පීඨිය යන පාණ්ඩ්‍යයන් 06 දෙනකු මෙරට ආක්‍රමණය කර ඇත. මෙහි පළමු වැන්නා වූ පණ්ඩු ධාතුසේන කුමරු පිළිබඳ දැන ඔහු මරා දැමීමට උත්සාහ ගෙන තිබේ. මේ මොහොතේ ධාතුසේන කුමරු ආරක්ෂා කිරීමට ඔහු පැවිදි කරවීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයට රැගෙනැවිත් ඇත්තේ ඔහුගේ මයිලණුවන් කෙනෙකු වූ මහාවංස කතුවරයා වූ මහානාම නම් හිමි නමක්ය. උන්වහන්සේගෙන් රැකවරණය හා අධ්‍යාපනය ලැබූ ධාතුසේන කුමරු අවසානයේ උපැවිදිව පිඨිය නම් පාණ්ඩ්‍යයා ඝාතනය කර අනුරාධපුරයේ බලය අල්ලාගත්තේය.
ඇතැම් රජවරුන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ විශේෂ ගෞරවයට හා ඇගයීමට ලක් වෙද්දී තවත් රජවරු ඔවුන් අතින් ගැරහීමට ලක්වූ අවස්ථාද ඉතිහාසයේ විරල නොවේ. මහා විහාරය විනාශ කළ මහසෙන් පව් පින් ද රැස්කරගත් පුද්ගලයකු ලෙස භික්ෂුන්ගේ ඇගයීමට ලක් විය. නමුත් සාමාන්‍ය ජනයා ඔහු අදටත් දේවත්වයේලා සලකන පුද්ගලයෙකි. ධාතුසේන රජු ඝාතනය කර බලය ලබාගත් කාශ්‍යප රජු පීතෘ ඝාතකයකු ලෙස වංශ කතාවල සඳහන් වේ. නමුත් කාශ්‍යප රජු පීතෘ ඝාතක පාපයෙන් මිදීමට නොයෙක් පින්කම් කළ බවද දක්වා ඇත. කෙසේ වෙසත් කාශ්‍යප රජු භික්‍ෂූන්ගේ ඇගයීමට ලක් නොවුවද අද දක්වා සාමාන්‍ය ජනයා තුළ ඇගයීමට ලක්ව ඇත්තේ ඔහු ඉදිකළ විශ්මිත සිහිරිය රාජධානිය හේතුවෙනි.
කාශ්‍යප රජු අනුරාධපුරයේ බලය පැහැර ගැනීමත් සමග බිය වූ මුගලන් කුමරු ඉන්දියාවට පලාගොස් පැවිදි ජීවිතයක් ගත කළ බව මනාව සයේ සඳහත්වේ ඔහු සමග පලාගිය යහඑවන්ගෙන් එක් අයකු අධගෝණ ගමින් පැවිදිව සිටි අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ බුදුන්වහන්සේගේ කේශධාතුවද රැගෙනය පසුව උපැවිදි වූ අධගෝණ භික්ෂුව එතැන් සිටි ශිලාකාල නමින් හඳුන්වා ඇත. ඉන් පසු ඔහුට කේශධාතුවේ ගිහි භාරකාරත්වය පැවරුණ අතර මුගලත් රජු තම සහෝදරිය ශිලාකාලට පාවාදි අයික්ගාහක කහතුර ද පිරිනමා ඇත.
කණිරජානුතිස්ස රජ දවස මෙන්ම සිලාමේසවණ්ණ රජ දවස ද බෞද්ධ භික්‍ෂූන්ගේ අර්බුදවලට රජු මැදිහත් වූ අවස්ථා දක්නට හැකිය. මේ අවස්ථා දෙකේදී ම පෙනෙන්නේ භික්ෂුන් වහන්සේලා රජු ලබා දෙන විසඳුමට එකඟ නොවන බවයි. අභයගිරියේ පදිංචිව සිටි බෝධි නමැති භික්ෂුවක් තමන්ට සිදු වූ අසාධාරණයක් පිළිබඳ රජුට දැනුම්දී ඇත. මේ අවස්ථාවේදී රජු සිදුකර ඇත්තේ එම හික්ෂුව විනිශ්චයකරු ලෙස පත් කිරීමයි. මෙයින් කෝපයට පත් විත්තිකාර භික්ෂුව බෝධි හිව ඝාතනය කර ඇත. එය දැනගත් රඩු කළේ විත්තිකාර භික්ෂුවගේ අත් කත් ආදිය කපා දමා ඔහු සමග තවත් සියයක් පිරිස රටින් පිටුවහල් කිරීමයි.
අනුරාධපුර රාජධානි සමය අවසන් වන විට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට විශාල බලයක් හිමිව තිබූ අතර මේ බලය අනුරාධපුර රාජධානියේ පිරිහීමට හා බිඳ වැටීමට ද සෘජුව බලපෑ බව පෙනේ. විටක හිතවත්වද තවත් විටෙක විරසකවද රාජ්‍යත්වය හා භික්‍ෂුත්වය අනුරාධපුර ඉතිහාසය තුළ විකාශනය වූ බව පොතපත තුළිත් හඳුනාගත හැක.
සුජීව දිසානායක
පරිවෙණාචාර්ය, කු/නික/රතනසෙල මහා පිරිවෙන
ඊතණවත්ත, කුරුණෑගල
ඒ ලිපිය අක්ෂරවල ඇති වැරදි නිසා අසාරයි නේද.