spot_img
spot_imgspot_img

සැමියා අතින් ඝාතනය වීමට පෙර “ආයු දණ්ඩනය” ට ලක් වූ බිරිඳක්

පුවත්

විදෙස්

රාජේස්ටර් අමුදා සමග කථා නොකර දැනට මාස හයක් පමණ ගතවී ඇත. අමුදා රාජේස්වර්ගේ බිරිඳයි. මේ දෙන්නා එක මඟ යන විට මේ දෙවැනි විවාහය ද කියා රාජේස්වර්ගෙන් අහන්නට මිනිස්සුන්ට සිතෙයි. එයට හේතුව දෙදෙනා අතර තිබෙන වයස් පරතරය ශරීර වලිනුත් පෙනෙන නිසාය. රාජේස්ටර් සෑහෙන කලක් ප්‍රමාද වෙලයි තමන්ගේ විවාහය ගැන සිතුවේ. ඔහු මනමාලියන් බලන්න ගියත් හොඳ ලස්සන හිතට අල්ලන කෙනෙක් ඔහුට හමුවුණේ නැත. මෙහෙම අසීරුවෙන් හැම තැනම සොයා බලන විට අන්තිමේදී වයස 25 ක් පමණ වූ අමුදා ඔහුට මුණ ගැසිණ. තම මවගේ වචනය අහක දමන්න බැරිව අමුදා තමාට වඩා වයසින් වැඩිමහලු වූ රාජේස්වර් සමග විවාහ වුයේ තමන්ගේ ජීවිතයේ විසිරුණ සිහිනයක් සමගය.

රාජේස්වර්ට මේ විවාහය එතරම් සිතට ඇල්ලුවේ නැත. ඉන්පසුව ඔහු වෙන මඟුල් ගෙවල් වලට අමුදා සමග යාමට එතරම් කැමැත්තක් නොදැක්වීය. එවැනි අවස්ථාවල ඔහු හෝ අමුදා ඒවාට ගියේ තනිවමය. ආදර බිරිඳක් ලෙස අමුදා රාජේස්වර්ට දිනපතා ආහාර පිළියෙළ කර දුන්නාය. නමුත් දෙදෙනා එකට හුදෙකලාව සිටින්නට ඒ තරම් කැමැත්තක් නොදැක්වූහ. ඒ නිසාද කොහේදෝ මේ දෙදෙනා විවාහ වී වසර දහයක් ගතවුවත් තවම දරුවන් නැත. මේ දෙදෙනාට වඩා ඒ ගැන කැක්කුමක් තිබුණේ අහළ හළ අයටය. මේවා ගැන කිසිම ගණනක් නැතිවයි රාජේ ස්වර් ජීවත්වුණේ. රාජේස්වර් ඔහුත් ඔහුගේ ෆැක්ටරිය ගැනත් පමණයි නිතරම සිතුවේ

නමුත් අවුරුදු දහයක් ගතවුවත් කවදාවත්ම අමුදාට ඔහු දොස් පැවරුවේ නැත. රාජේස්වර්ට කිසිම අඩුවක් නැතිව සැනසීම තිබිණ. ඒ ඔහු කිසිවක් ගැන දිගින් දිගට කල්පනා කරන්නෙ නැති නිසාය. මේ විදිහට හැමදාම හැමෝටම තිබුණොත් ජීවිතයේ තේරුමක් නැතිවේදෝයි කියා වගේ මොහුගේ සැනසීමට බාධා ඇතිවන්නට පටන්ගත්තේය.

රාජේස්වර් බොම්බායෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තරු ටෙලිපෝනය ළඟට වී බලාගෙන සිටියේය. ඒ සමගම පර්ස් එකක් අතින් ගත් තරුණයෙක් ඔහු ළඟට ආවේය.

“මැඩම් අපේ ලොජ් එකේ මේ බෑග් එක තියල ඇවිල්ලා. ඒක භාර දෙන්නයි මම ආවේ” තරුණයා රාජේස්වර් අමතා පැවසුවේය.

” මට මේ ගැන තේරෙන්නේ නැහැ. අපි කවදාවත් ඒ ලොජ් එකට ඇවිල්ලා හිටියෙ නැහැ ” රාජේස්වර් පිළිතුරු දුන්නේය.

“ නෑ සර් අපි ඊයේ කාමර ශුද්ධ කරන කොට මේ පර්ස් එක එහේ තිබුණා ” සංකර් කියල කෙනෙක් තමයි ඒ නිදන කාමරේ අරගෙන තිබුණේ තිරුවාන් මියුර් ” කියල ලිපිනයක් තමයි දිලා තිබුණේ. නමුත් එහෙම ඇඩ්‍රස් එකක් නැහැ. පර්ස් එක ඇතුළේ මේ ගෙදර ඇඩ්‍රස් එක තිබුණේ. ඒකයි මෙහාට බෑග් එක දීලා යන්න ආවේ” තරුණයා තවදුරටත් පිළිතුරු දුන්නේය. “

“ඒ මොන ලොප් එකද?” රාජේස්වර් විමසුවේය.

තරුණයා ලොප් එකක නමක් කිව්වේය.

“අමුදා මේ පර්ස් එක ඔයාගෙද”

“මේ එනවා” අමුදා පැමිණියාය. ඇය පර්ස් එක දුටුගමන් තිගැස්සී “මේක මම ඊයේ ඉඳලා හොය හොයා හිටියේ. කොහෙද තිබ්බේ.” යි පවසමින් පර්ස් එක අතට ගත්තාය.

” මේක මහවැලිපුරම් ” ලොප් එකේ තිබුණේ යනුවෙන් පවසා රාජේස්චර් අමුදා දෙස හොරැහින් බැලීය. අමුදා ඒ කතාව අසා ගැස්සී සිටි යාය. එය රාජේස්වර් දුටුවේ ඇය දෙස හොරෙන් බලාගෙන සිටි නිසාය.

“කොහොමද මේ පර්ස් එක එහාට ගියේ” අමුදා වෙව්ලන ස්වරූපයෙන් පැවසුවාය.

“කමක් නැහැ ඒක කොහේ හරි තිඛිල ලැබුණනෙ. ඒක ලැබුණ එකත් ලොකු දෙයක්” පවසමින් රාජේස්වර් අර තරුණයාට සන්තෝෂම් මුදලක්දි පිටත් කර යැව්වේය.

ඉන්පසුව රාජේස්චර් සංකර්ට දුරකථන ඇමතුමක් දුන්නේය. සංකර් නමැත්තා රාජේස්වර්ගේ පැක්ටරියේ කළමණාකරුය. ඔහු අමුදාට සමාන වයස ඇති කෙනෙකි “හලෝ සංකර්”

“පැක්ටරිය කොහොමද?” හොඳින් දුවනවද සංකර් ඇසීය.

ආයුබෝවන් සර්. පැක්ටරියේ හොඳින් වැඩ කෙරෙනවා මම ඊයේ බැන්ග්ලෝර් ගිහිල්ලා එනකොට ඔබ පැක්ටරියේ හිටියේ නැහැනෙ ” ඔව් හදිසි වැඩක් තිබුණා. ඒ නිසා

ඊයේ පැක්ටරියට ආවේ නැහැ ඇයි මහවැලිපුරම් ගිහිල්ල හිටියද” කියල රාජේස්වර්ට අහන්න හිතුණත් ඔහු එය බලෙන් යටපත් කර ගත්තේය. ” බලාගෙන මම නැතිවෙලාවට ඔබත් පැක්ටරියට ආවෙ නැත්තම් පැක්ටරියෙ වැඩ කටයුතු හරියට කෙරෙන්නෙ නැතිවෙයි”

” රාජේස්වර් නැවතත් පවසා රිසිවරය බිම තැබීය. ඔහු එය බිම තබමින්ම සිතුවේ අමුදා එකත් එකටම ගිහිල්ලා තියෙන්නේ සංකර් සමගමයි කියාය. කලින්ම මේ දෙන්නා ගැන තැන තැන කසු කුසු තිබුණත් රාජේස්වර් එය ගණන් ගත්තේ නැත. දැන් නම් එවැනි සම්බන් ධයක් ඇති බව ස්ථිරයි. කවදාවත් මොනම දේකටවත් සැලුණෙ නැති රාජේස්වර්ට එදා ක්ලාන්තය හැදිණ.

“ මහවැලි පුරම් ලොස් එකේ මොන  මොන දේවල් වෙන්න ඇද්ද ” එම සිතිවිලිවලින් මිදෙන්න මොහු කොතරම් උත්සාහ කළද මනස එතැනම කැරකී කැරකී වද දෙන්නට පටන් ගත්තේය. එවිට අමුදා කෙරෙහි තද වෛරයක් රාජේස්වර්ට ඇති විය. ඔහුට විඳ දරාගත නොහැකි එකම දෙය වංචාවයි. පැක්ට රියේ කෙනෙක් වංචා කළොත් ඔහු අස් කරන්න පුළුවන්. තමන්ගේ බිරිඳ වංචා කළොත් මොනවද කරන්නේ? මේ වගේ ගෑනුන් කෑලි වලට කැපු – වොත් මොකද වෙන්නෙ ” ඔහු තමන්ගෙන්ම විමසා ගත්තේය.

” නැහැ එහෙම කරන්න හොඳ නැහැ. එහෙම කළොත් මම ඉබේම හිරේ යනවා. වැරදි කළේ ඒ ගෑනි. මම මොනවටද දඬුවම් විඳින්නෙ.”

රාජේස්වර් තමන්ගෙන්ම විවිධ ප්‍රශ්න අසාගෙන ඒවාට පිළිතුරු ද තමන්ම දුන්නේය.

” මිනිස්සුන්ට කියල මැරුවොත් පළමුවෙන්ම ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියෙන් ප්‍රශ්න කරන්නෙ. එහෙම නැතිව මරපු මිනිහා අල්ලගත්තොත් පොලීසියට කොන්ත්‍රාත් එක දුන්නෙ මම කියල කියන්න බැරිකමක් නැහැ. එහෙම නම් මොනවද කරනෙ.

ලොරියකට යට කරලා හප්පලා මරන්න හිතෙනවා. නමුත් අමුදා පයින් යන්නෙ නැහැනෙ.

” කාරෙක හප්පලා මැරුවොත් ” මගේ කාරෙකෙනෙ යන්නෙ. මගේ කාරෙක මොකටද කුඩු කර ගන්නෙ. දික්කසාද නඩුවක් දාලා ගෑනිගෙන් වෙනස් වුණොත් නඩු තීන්දුව එයි ඇයට නඩත්තු දෙන්න කියලා. මේ වගේ වැරදි කළ ගැහැනියකට නඩත්තු වශයෙන් ඇයි මගේ මුදල් දෙන්නෙ” මේ විදිහට රාජේස්වර් හැමදාම පාන්දර 3.00 පමණ වනතුරු සිතිවිල්ලේ පසු වී නින්දට යන්නේ පාන්දර 4.00ට පමණයි.

එදා සිට අමුදා සමග ඔහු කථා කළේ නැත. එය අමුදාටත් වැටහී අවසානය. රාපේස්චර් සිතුවා මැය මගේ දෙපා වැඳල සමාව ගනියි කියලා එහෙම එකකුත් සිදුවුණේ නැත. ඉන් පසුවයි රාජේස්වර් අමුදාව කොහොම හරි නැතිකරලා දැමිය යුතුයි කියන තීන්දුවට ආවේ. මාස හයක් පමණ කල්පනා කිරීමෙන් පසු ඔහු සැලසුමකට ආවේය. කාසි කියන පූජනීය නගරයට වන්දනා ගමනක් යන ලෙසින් අමුදා කැටුව ගොස් එහිදී ඇය මරා දැමීමට ඔහු සැළැස්මක් සැකසුවේය. කාසි ගගේ නාන විට දියේ ගිල්වා මැරීමට ඔහු අවසානයේදී තීන්දුවකට ආවේය. දියේ ගිලී ඇය මරණයට පත් වූ බවට ප්‍රසිද්ධ කිරීමට ඔහු සිතා ගත්තේය. මෙපමණ කාලයක් අමුදා හා රාජේස්වර් අතර විරුද්ධත්වයක් තිබුණ බව වට පිටාවේ කවුරුත්ම දන්නේ නැත. එය රාජේස්වර්ට වාසියක් විය. අමුදා කාසිවලට එක්කරගෙන යාමටය ඇය සමග තව එක් වරක් කතා කළ යුතුය.

කමක් නැහැ මෙය අවසාන වතාවයි කියා රාජේස්චර් සිතුවේය. අවසා නයේ දී ඉතාම අමාරුවෙන් මේ බව අමුදාට පැවසීය. අමුදාත් මේ යෝජනාවට කැමති වුණාය. කතිකා කරගත් පරිදි කාසිවලට දෙදෙනාම ගොස් කාමරයක් කුලියට ගෙන විවේක ගත්හ. අමුදාව ගඟේ කොතැනදී ද ගිල්වා මරන්නේ කියා රාජේස්වර් විපරමින් සොයා බැලීය. ගඟේ හැම තැනම බහින්නට පඩි පෙළවල් තිබිණ. අමුදා ගිල්වා මැරිමට මහු එක අඳුරු තැනක් තොරාගත්තේය. කාමරයට ආපසු එන විට රාජේස්වර් මෙසේ සිතුවේය.

“අමුදාගේ බර කිලෝ 55 ක් මට මෙයාව වතුරේ මබලා  අල්ලා ගන්න පුළුවන් වෙයිද ? කමක් නැහැ මැරෙන තුරු කොහොමහරි ඔබලා අල්ලගත්තොත් මට මේ ගැටලුවෙන් මිදිලා සතුටෙන් ඉන්න පුළුවන්.  

ඉන්පසුව ඔහු කාමරය ළඟට පැමිණ කාමරයේ දොරට තට්ටු කළේය. කාමරයේ දොර එක්වරම ඉබේ ම ඇරුණි. එහි අමුදා සිටියේ නැහැ. මේසය මත ලිපියක් තිබිණ. රාජේස්වර් එය අතට අරගෙන කියවන්න පටන් ගත්තේය.

ආදරණීය, එහෙත් දැන් ආදරය නැති ස්වාමියාට,

සමාව දෙන්න බැරි විදියට මම ඔයාට ද්‍රෝහි වුණා. කවදාවත් මට සමාව දෙන්න ඔයාට බැරි බව දන්නවා. ඒ නිසා තමයි මම ඔයාගෙන් සමාව ඉල්ලුවේ නැත්තෙ. එහෙම තිබිලත් චංචල ගතියක් නොපෙන් වූ, මට කිසිදු කරදරයක් නොකළ ඔයාගේ නිෂ්චල හදවත නිසා දිවිනසා ගන්න තරම් සිත්වුණා. මාව මැරි මැරී ඉපදුනා. ඔයා මට දඬුවම් කළේ නැහැ. ඒ නිසා මම ම දඬුවමක් දී ගන්න ඉදිරිපත් වුණා. මට සියදිවි නසා ගැනීමට කිහිප වරක් සිතුණා. එහෙම කරලා තිබොත් ඔයාට නොයෙක් ප්‍රශ්න මතු වෙනවා. ඒ නිසා ඒක කරන්නත් බැහැ. මේවා ගැන සිතල බලලා කොහේ හෝ නොපෙනෙන තැනකට යන්න සිතාගෙන සිටියා. ඒ සමගයි ඔයා මට කාසිවලට යන්න කතා කළේ. කාසිවල අනාථ මඩම් තියෙනවා කියලා මම දැනගෙනයි හිටියා. ඔයා කාසිවලට එන්න සුදානම් වනවිට මම අනාථ මඩමකට ලිපියක් දාලා ඒකට උත්තර අරගෙනයි හිටියේ. කාසි වලට ආවට පස්සෙ මේ ලිපිය ලියා දැනට මම ඒ මඩමට යමින් සිටිනවා. කවුහරු හරි ඇහුවොත් එයාගේ කැමැත්තෙන් මඩමට ගියා කියලා කියන්න. කවුරුත් විශ්වාස කළේ නැත්නම් මේ ලිපිය ඒ අයට පෙන්වන්න. මෙය මා විසින් මට ලබා දුන් ජීවිතාන්තය දක්වා දඬුවම මින් පසුවටත් ඔයාගේ ජීවිතයට සැනසීමක් ලැබේවායි දෙවියන් ඉදිරියේ ප්‍රාර්ථනා කරන, අමුදා

(දකුණු ඉන්දියානු ලේඛක විජයිකෙ විසින් රචිත කෙටිකතාව නිමාලි එන්.රත්නායක විසින් අනුවාදයට නගන ලදී. මෙම කෙටිකතාවව 2005 දෙසැම්බර් 18 ලක්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශයට පත්කර ඇත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!