spot_img
spot_imgspot_img

FactCheck.lk අන්තර්ජාතික IFCN පිළිගැනීම ලැබූ පළමු ශ්‍රී ලාංකික කරුණු පිරික්සීමේ වේදිකාව බවට පත්වේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කරුණු පිරික්සීමේ වේදිකා අතර ප්‍රමුඛයා වන FactCheck.lk, ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (International Fact Checking Network – IFCN) පනවා ඇති මූලධර්ම සංග්‍රහයට අනුගත වෙමින්, ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් කරුණු පරීක්ෂා කිරීමේ පිළිවෙත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පිළිගැනීමක් ලබා ඇති කීර්තිමත්, ගෝලීය කරුණු පිරික්සුම් සංවිධාන සහ වේදිකා අතරට එක්වීමට සමත්ව තිබේ.

මෙය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරුණු පිරික්සීමේ වේදිකාවකට, IFCN පිළිගැනීම හමුවූ ප්‍රථම අවස්ථාවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රය නියෝජනය කරන ඉහළ පෙලේ පුද්ගලයින් සිදුකරන ප්‍රකාශයන් කරුණු පිරික්සුමට ලක්කරන FactCheck.lk, එසේ කිරීම හරහා පොදුජන යහපත තකා ඔවුන් එම ප්‍රකාශයන්ට වගවන තැනට පත්කරවීමට උත්සාහ කරයි.

IFCN යනු ඇමරිකා එක්සත් ජනපදයේ පොයින්ටර් ආයතනය හා අනුබද්ධිත කරුණු පරීක්ෂකයන්ගෙන් සමන්විත ගෝලීය සන්ධානයකි. වර්ධනය වෙමින් තිබෙන කරුණු පරීක්ෂක ප්‍රජාව එකට එකතු කිරීමේත්, කරුණු පිරික්සීමේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමෙත් අරමුණින් මෙම සංවිධානය පිහිටුවන ලද්දේ 2015 වසරේදීය.

මෙම පිළිගැනීමත් සමග FactCheck.lk, ලොව පුරා IFCN හි නිල පිළිගැනීම හිමිව ඇති සංවිධාන 88න් එකක් බවට පත්ව තිබෙන අතරම, දකුණු ආසියා කලාපය නියෝජනය කරමින් එම සංවිධානයේ පිළිගැනීම හිමිකරගෙන සිටින කරුණු පිරික්සීමේ සංවිධාන/වේදිකා 16න් එකක් බවට ද, පත්ව ඇත.

FactCheck.lk, ශ්‍රී ලංකාවේ අංක එකේ ස්වාධීන පර්යේෂණ ආයතනය වන වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන වේදිකාවකි.

මෙම පිළිගැනීම ගැන වැඩි විස්තර මෙතැනින් බලන්න: https://ifcncodeofprinciples.poynter.org/signatories

FactCheck.lk ගැන

FactCheck.lk, 2018 දී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් දියත් කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකේය කරුණු පිරික්සීමේ වේදිකාවයි. ඉහළ මට්ටමේ තීරණ ගනු ලබන තනතුරු හොබවන්නන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි සත්‍යසත්‍යාභාවය පරීක්ෂා කිරීම එමගින් සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මහජන තොරතුරු සහ අවබෝධය වෙනුවෙන් පවතින අවකාශය වැඩිදියුණු කිරීම FactCheck.lk හි ප්‍රධාන අරමුණ වේ. FactCheck.lk පිළිබඳ වැඩි විස්තර දැනගැනීම‌ සඳහා අපගේ https://factcheck.lk/ වෙබ් අඩවියට සහ අපගේ Facebook, Twitter සහ Instagram ගිණුම් වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!