spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට නව ප්‍රභේදය

පුවත්

විදෙස්

වේගයෙන් පැතිරයන වඩාත් දරුණු ඔමික්‍රෝන් බීඒ 5 කොවිඩ් ප්‍රභේදය මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට වැඩි පිරිසක් අතර පැතිර ඇති බව මේ වනවිට තහවරු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ ‍රෝගීන්ගේ සාම්පල 24ක් පරීක්ෂා කළ විට ඉන් 20ක ට හේතු වී ඇත්තේ බීඒ 5 ප්‍රභේදය බවයි. එය 83.33%ක ප්‍රතිශතයකි.

ආචාර්ය ජීවන්දර පවසන්නේ ඉන් රෝගීන් වැඩි දෙනකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රභේදය පැතිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ලබන 08 වැනි දා තවත් ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබේ.

ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ ලෝකය පුරා මේ වනවිට වේගයෙන් පැතිරයමින් පවතින්නේ මේ නව අනු ප්‍රභේදය බවයි. එය ව්‍යාප්තවීමේ සීඝ්‍රතාව වැඩිවීමත්, මරණ අනුපාතය වැඩිවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ඉදිරි දින කිහිපයේ දී වඩාත් දරුණු තත්වයක් ඇතිවීමට ඉඩ තිබේයැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!