spot_img
spot_imgspot_img

“දනිස් අලි” අත්අඩංගුවට ගත්තේ පැරණි වරෙන්තුවකට

පුවත්

විදෙස්

ජාතික රූපවාහිනියට පසුගිය 13 වැනි දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩසටහනකට එකවෙමින් තර්ජනාත්මක ප්‍රකාශ සිදුකරමින් විකාශන කටයුතුවලට බාධා කළා යැයි කියන සිද්ධියක සැකකරුවකු බන දනිස් අලි නමැත්තා ඊයේ (26) විදේශ රටකට යාමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලද්දෙ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවකට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙකි.

පසුගිය ජුනි 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියේජිත පිරිසක් මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශයේ ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවක නිරතවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ව‍රෙන්තුවක් නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම වරෙන්තුවට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇත.

පොලිසිය පවසන්නේ පසුගිය ජුනි 09 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර දී පොදු දේපලවලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිිකරණයට ඔහු ඉදිිරිපත් කර ඇති බවයි. එම චෝදනාවට ඔහු ඇප මත සිටින බව ද පොලිසිය සිය නිවේදනයේ සඳන් කර ඇත.

එමේන ම ජුනි 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිත විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයක දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පහර දී ඔවුන් බලහත්කාරයෙන් රඳවා සිටීමේ සිද්ධියක් සම්බන්ධව ද දනිස් අලි සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දක්වා ඇත්තේ ඒ පිළිබඳ ද අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි.

ජූලිි 20 වැනි දා දින ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවට අනර්ථයක් සිදුකරන බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පොලස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්කරවීමට අදාල සිද්ධියට අවශ්‍ය සැකකරුවකු ලෙස ද දනිස් අලි හඳුනාගෙන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් දක්වා තිබේ.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් දනිස් අලි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!