spot_img
spot_imgspot_img

හදිසි නීති විවාදය අද. සම්මත වේ යැයි විශ්වාසයක්

පුවත්

විදෙස්

හදිසි අවස්ථාව පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සවස 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් පසු එය සම්මත කර ගැනීමට අදාල ඡන්දය විමසීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමේ බලයක් ඇති නමුත් එය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය. නොඑසේනම් දින 14කින් හදිසි නීතිය අවලංගු වී යයි.

හදිසි නීතය පිළිබඳ ඡන්ද විමසීමේ දී තම පක්ෂය හදිසි නීතිය පවත්වාගෙන යාමට සහය ලබා නොදෙන් බව සමගි ජන බලවේගය ඊයේ (26) තීරණය කළේය. ඔවුන් ප්‍රකාශ කළේ හදිසි නීතිය මෙම අවස්ථාවේ අනවශ්‍ය බවයි.

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10ක නියෝජිතයන් ඊයේ සවස රැස්වූ අවස්ථාවේ දී හදිසි නීතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කණ්ඩායමේ සාමාජික නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියා සිටියේ හදිසි නීතියට තම සහයෝගය ලබා දෙන බවයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද කියා සිටියේ රට සාමාන්‍ය තත්වයට පත් විය යුතු බවයි. රට සාමාන්‍ය තත්වයට පත්නොවී මේ ආර්ථික අර්බුදයෙන් වෙනත් අයුතු විදේශීය බලවේගවලට අවශ්‍ය අරමුණුවලට යොදාගැනීමේ ව්‍යාපාර තිබෙන බව පෙනෙනවා යැයි ද හෙතෙම කීවේ ය.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායමේ සහය ද හදිසි නිතිය සම්මත කිරීමට ලැබීමට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!