ලෝකයේ සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සිදුව ඇති වඳුරු උණ ශ්‍රී ලංකාවට ද පැමිණීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
තවමත් ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ වාර්තා වී නැතත් අසල්වැසි ඉන්දියාවෙන් රෝගීනන් 04 දෙනකු ම වාර්තා වී තිබේ. අද ඉන්දියාවෙන් වාර්තා වූ වඳුරු උණ රෝගියකු විදේශීය පුද්ගලයන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොපැවැත්වූ අයකු වන බැවින් වඳුරු උණ රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ බරපතල සැකයක් ඇති වී තිබේ යැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මේ වනවිට ඉන්දියාවට අමතරව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයෙන් ද රෙරා්ගණී් වාර්තා වී තිබේ.
මේ අතර වයස අවුරුදු 08ට අඩු දරුවන්ට වඳුරු උණ වැළඳීමේ දැඩි අවදානමක් ඇති බව අැමෙරිකාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ වඳුරු උණ රෝගය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මෙම රෝගය ස්වසන මාර්ගය හරහා සහ හම මතින් පැතිරෙන බවයි. සතුන්ගෙන් සහ මිනිසුන්ගෙන් ව්‍යාප්ත වන මෙම රෝගය, සිරුර ස්පර්ශය, ඇඳුම්, ඇතිරිලි, පිඟන් කෝප්ප ආදිය ස්පර්ශ කිරීමෙන් බෝවන බව ද හෙතෙම පවසයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මේක හඳුනාගන්න පීසීආර් පරීක්ෂණ සිදුකරන්න වෙනවා. අවශ්‍ය පර්යේෂණ කට්ටල අපි සතුව තිබෙනවා. අවශ්‍ය ඖෂධ වර්ගත් තිබෙනවා.
වඳුරු උණ යනු ලෝකයට ආගන්තුක රෝගයක් නොවේ. එය බටහිර අප්‍රිකානු කලාපයේ සහ මධ්‍යම අප්‍රිකානු කලාපයේ රටවල් අතර පැතිර තිබිණි. නමුත් 2022 වර්ෂයේ දී එක්සත් රාජධානියෙන් පළමු වරට වඳුරු උණ රෝගියකු වාර්තාවීමත් සමඟ ලෝකයේ ම අවධානය ඒ කෙරෙහි යොමුවන්නට විය. ඔහු නයිජීරියාවේ සංචාරය කර පැමිණි අයකු බව ද වාර්තා විය.
එම රෝගියා වාර්තාවීමෙන් පසු යුරෝපය මෙවර වඳුරු උණ වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්චය ඇතුළු රවටලින් ආසාදිතයෝ වාර්තා වූහ.
මේ වනවිට උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ආසියාව, දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාව, ඇතුළු සියලු ම ප්‍රදේශවලත් ලොව රටවල් 75කත් වඳුරු උණ ව්‍යාප්ත වී තිබේ. වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොසිනි.