spot_img
spot_imgspot_img

රෝහලට යාමට නොහැකිව සිටින අයට නොමිළයේ ප්‍රවාහන සේවා සපයන උත්තුංග මිනිසෙක්

පුවත්

විදෙස්

ඉන්ධන අර්බුදය නිසා ‍රෝහල්වෙත යාමට නොහැකිව සිටින ගැබිනි කාන්තාවන්, වයෝවෘද්ධ සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා තම මෝටර් රථයෙන් නොමිළයේ ම ප්‍රවාහන සේවාවන් ලබාදෙන පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ සිටියි.

ඔහු රන්ජන් ඩයස් ජයසිංහයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයසිංහ දැන් දෙහිවල පදිංචිව සිටින අතර නිසාන් ලීෆ් වර්ගයේ ඉලෙක්ට්‍රික් කාරයක් ඔහු සතුව ඇත. තම රැකියාව බාධාවක් නොවන ආකාරයට දෙහිවල සිට කිලෝ මීටර 10-15ත් අවට පදිංචි පුද්ගලයන්ට ඔහු මෙම සේවාව ලබාදෙන බව පවසයි.

“අපි ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. විශේෂයෙන් ම මේ වගේ වෙලාවට අපි හැකි පමණින් එකිනෙකාට උදව් කරගන්න ඕනේ. මම භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රික් කාරයක්. ඒ නිසා එයට ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ. රෝහලට යාමට අවශ්‍යවන පුද්ගලයන් ඉන්ධන අර්බුදය නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනවා මා දැක්කා. ඒ නිසා මම මගේ කාරයෙන් එවැනි ප්‍රවාහන අපහසුතා නිසා රෝහලට යාමට නොහැකි අයට නොමිළයේ ම ප්‍රවාහන සේවා ලබාදෙනවා.” යනුවෙන් ඔහු පවසයි.

මෙම සේවාව ලබාගැනීමට අවශ්‍ය අයකු සිටින්නේ නම් තම WhatsApp අංකය වන 0777763973 ඔස්සේ අමතන ලෙස ද රන්ජන් ඩයස් ජයසිංහ ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!