spot_img
spot_imgspot_img

ගාලු කොටුවේ ඉන්ධන පිරවුම්හළ නීති විරෝධී වැඩක

පුවත්

විදෙස්

රටේ සියලු ජනතාවට වාහන ලියාපදිංචි අංක ක්‍රමයට ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරද්දී ගාල්ල කොටුවේ පිහිටි ඉන්ධන පිරවුම් හළ පමණක් ඊට පරිබාහිරව කටයුතු කරමින් තිබේ.

එහි කිසිම සාමාන්‍ය වැසියකුට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නියෝග පරිදි ඉන්ධන ලබා දෙන්නේ නැත. එහි ගියවිට සේවකයන් පවසන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන ලබාදෙන බවයි. පොලිසිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බවට සඳහන් දැන්වීමක් ද අද (24) එහි ප්‍රදර්ශනය කර ඇති අතර එම දැන්වීමේ සඳහන් වන්නේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය අනුව මෙලෙස අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදෙන බවයි.

නමුත් අප දන්නා පරිදි එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුකාරවරයාට බලයක් නැත. එමෙන්ම බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දකුණු පළාත් නියෝජිතයා වන ඔහුට තවදුරටත් එවැනි තීන්දු තීරණ ගැනීමට සදාචාරාත්මක අයිතියක් ති‍බේ ද යන්නත් ගැටලුවකි.

රජය ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දීමේ අවශ්‍යතාව අනුව ‍ඉන්ධන පිරවුම්හල් වෙන්කිරීම දිසාපතිවරයා විසින් කළ යුතු බවයි. ඒ අනුව අප ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට සහකාර දිසාපති එම්.ෂර්ෆාස් කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිදු ඉන්ධන පිරවුම්හලක් අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කර නැති බවයි. ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හල එලෙස අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන්කරන ලෙස ආණ්ඩුකාරවරයා විසින් නියෝගයක් ලබා දී ඇතැයි වාර්තා වන බව ද හෛතම කීවේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ සමන්ත උඩුගමප්ල ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ පළාත් සභාවට අයත් ඉන්ධන පිරවුම්හළක් බවයි. එබැවින් පළාත් සභාව එම ඉන්ධන පිරවුම්හ‍ළ මගින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කර ඇතැයි ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!