spot_img
spot_imgspot_img

අරගලකරුවෝ ඉවත්ව යති. කාර්යාල සහ මන්දිර නැවත රජයේ බලධාරීන්ට

පුවත්

විදෙස්

උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් පිරිසක් විසින් අත්පත් කරගෙන මෙතෙක් තමන් බාරයේ තබාගෙන සිටි ගොඩනැගිලිවලින් එම පිරිස් ඉවත්වීමට තීරණය කර තිබේ.

ජනාධිපති නිල නිවස, අගමැති නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඔවුන් විසින් මෙලෙස අත්පත්කරගෙන තිබිණි.

ජීවන්ත පිරිස් පියතුමා පවසන්නේ කතානායකවරයාගේ ප්‍රකායෙන් අනතුරුව සාමය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

නීතියට පටහැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම සියලු කාර්යයන් සිදුවිය යුතු බවත් අරගලකරුවන්ගේ සාමකාමී උද්ඝෝෂණ වෙනුවෙන් පෙනී සිටිය ද ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බව ඊයේ (13) ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද කියා තිබිණි.

යුද හමුදාව ද ඉල්ලීමක් කරමින් කියා සිටියේ අරගලකරුවන්ට එම පරිශ්‍රයන්ගෙන් ඉවත්වන ලෙසයි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පොදු ස්ථාන අත්පත් කරගන්නේ සැබෑ අරගලකරුවන් නොවන බව ද දේශපාලන අත පෙවීමකින් තොරව පොදු දේපල ආරක්ෂා කිරීමටත්, සාමය ආරක්ෂා කිරීමටත් ආරක්ෂක අංශ වෙත අවසර ලබාදුන් බවත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!