spot_img
spot_imgspot_img

බැසිල්ට රටින් පිටවීමට නොහැකි වෙයි (ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතයි)

පුවත්

විදෙස්

රටින් පිටවීම සඳහා අද (12) අළුයම 12.15ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එ සඳහා අවස්ථාව ලැබී නැත.

ගුවන්තොටුපොළ පැමිණ සිටි එම යානයේ ම ගමන් කිරීමට සූදානම් වූ මගියකුගේ තර්ජනය හමුවේ බැසිල් රාජපක්ෂ ආරක්ෂිත ස්ථානයක රඳවා පසුව අළුයම 2.15 ට පමණ ඔහු ගුවන්තොටුපොළින් පිටත්කර යවා ඇත.

එම මගියා පවසන්නේ ඔහු ගුවන් යානයට ගොඩවුණොත් තමන් යානයේ දී ඔහු ගැන බලාගන්නා බවයි. එම තර්ජනය හමුවේ ගුවන්තොටුපොළ නිලධාරීන් ද “හරි හරි” යනුවෙන් පවසන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

ආගමන විගමන නිලධාරීන් මේ වනවිට ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ රාජකාරීවලින් ඉවත්ව සිටින අතර ඔවුන් පවසන්නේ තම ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුවක් හේතුවෙන් එලෙස ඉවත්වූ බවයි.

විශේෂ අමුත්තන් සඳහා වූ පර්යන්තයේ ගුවන් තොටුපොළට ඇතුළු වී සිටි බැසිල් රාජපක්ෂ එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා ඇමෙරිකාවේ වොෂින්ටන් දක්වා යාමට සූදානම්ව සිටියේය. මෙරට රාජ්‍ය ආයතනවල සභාපතිධූර දැරූ කිහිප දෙනකු ද ඔහු සමඟ සිටි බව පැවසේ.

බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ ලිපි ලේඛන සකසද්දී ගුවන් මගීන් බැසි්  රාජපක්ෂට රටින් පිටවීමට ඉඩ නො‍දෙන ලෙස කෑ ගසමින් පවසා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!