spot_img
spot_imgspot_img

අරගලය අතරතුර කොළඹින් පිටත් වූ නැව් දැන් මාලදිවයිනේ ?

පුවත්

විදෙස්

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලද්දී කොළඹ වාරයෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැව් දෙක මේ වනවිට මාලදිවයිනට සේන්දු වී ඇතැයි එරට සිටින ශ්‍රී ලාංකිකයෝ කියති.

ඉන්දිියන් සාග‍රයේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් එම නැව් දෙක ඉතා අසීරු සහ වෙහෙසකර ගමනකින් පසු අද (11) මාලදිවයිනට ළඟා වී ඇත.

නැව් දෙක එහි පැමිණ ඇතැයි වාර්තා වුව ද එම නෞකාවල සිටියේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිළි නැත. බොහෝ දෙනකුගේ විශ්වාසය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිිසක් එම නෞකා දෙකෙන් හෝ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ගුවන් යානයකින් අරගලකරුවන් කොළඹ වටලද්දී පසුගිය 09 වැනි දා මෙරටින් පිටව ගිය බවයි.

මෙරට විධායක ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා ද වන ‍ගෝඨාභය රාජපක්ෂ මේ දක්වා ම තමන් සිටින ස්ථානයක් හෙළිදරව් කර නැත. එමෙන් ම ඔහු ආගමන විගමන නීති අනුගමනය කරමින් රටින් පිටව ගිය බවට ද සාක්ෂියක් නැත.

අද (11) BBC වෙත ප්‍රකාශයක් ලබාදුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් පිටත අසල්වැසි රාජ්‍යයක සිටින බවයි. නමුත් එය ප්‍රචාරය වී පැය කිහිපයකින් ඔහු නැවත ප්‍රකාශයක් කරමින් තමන් එවැනි කතාවක් කීවේ වැරදීමකින් බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටින බවත් කීවේය.

ශ්‍රී ලංකාවේ ජන අරගල, උද්ඝෝෂණ වර්ධනය වෙද්දී මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරට රැකවරණය ලබාදිය හැකි බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!