spot_img
spot_imgspot_img

ඇඟළුම් කර්මාන්තයත් කොටඋඩ ?

පුවත්

විදෙස්

සුළු හා මධ්‍ය පරිමාන ඇඟළුම් කම්හල් 200ක ්පමණ වැසී යාමට ඉඩ ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් ආයතන සංසදයේ උප සභාපිත ෆීලික්ස් ප්‍රනාන්දු පවසයි.

ඔහු පපවසන්නේ ඉන්ධන සහ විදුලි අර්බුදය හේතුවෙන් මේ තත්වය උදා වී ඇති බවයි.

මහා පරිමාන ඇඟළුම් කර්මාන්ත ශාලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර්වලින් මුදල් ගෙවා බවුසර් රැගෙන විත් විදුලි ජනක යන්ත්‍ර සඳහා භාවිතා කරන බවත්, සේවක ප්‍රවාහන කටයුතු සඳහා ද එම ඉන්ධන ම යොදා ගන්නා බවත් ඔහු පවසයිි. නමුත් සුළු සහ මධ්‍ය පරිමාන ඇඟළුම් කර්මාන්තායතනවලට එවැනි දෙයක් කළ නොහැකි බැවින් බරපතල ගැටලුවක් ඇති බව ඔහු නේවා දුන්නේය.

මහා පරිමාන ඇඟළුම් කර්මාන්තශාලාවලින් ද සුළු හා මධ්‍යපරිමාන නිෂ්පාදකයන්ට ඇණවුම්වලින් කොටසක් උප කොන්ත්‍රාත් ලෙස ලබාදී ඇති බැවින් මේ නිස සමස්ත කර්මාන්තය ම ක්‍රමයෙන් අඩාලවනු ඇතැයි ද ඔහු කියයි.

රට පුරා ඇති ඉන්ධන හිඟය හේතුවෙන් කාර්ය මණ්ඩලයට ද නිසි පරිදි සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇත. මේ නිසා ක්‍රමයෙන් කර්මාන්තය අඩාල වන බවත් එහි ප්‍රතිඵලයක්  ලෙස ශ්‍රී ලංකා‍වට ලැබෙන ඇණවුම් වෙනත් රටවලට යාමේ අවදානමක් ඇති බව ද ෆීලික්ස් ප්‍රනාන්දු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!