spot_img
spot_imgspot_img

ත්‍රී රෝද රථ ගාස්තු තවත් ඉහළට

පුවත්

විදෙස්

පෙට්‍රල් මිල ඉහළයාම හේතුවෙන් දෙවැනි කිලෝ මීටරය සඳහා අයකළ ගාස්තුව තවත් රුපියල් 10.00කින් ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්‍ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි.

මේ දක්වා දෙවැනි කිලෝ මීටරයට අයකරන ලද්දේ රුපිියල් 80.00කි එය අද සිට රුපියල් 90.00ක් දක්වා ඉහළ දමා ඇත. පළමු කිලෝ මීටරයට අයකරන ගාස්තුව රුපියල් 100.00කි.

කෙසේ වෙතත් මේ වනවිට මීටර නොමැති ත්‍රී රෝද රථවිලින් විවිධ මිල ගණන් සේවා ලබාදීමේ දී අයකරනු ලබයි ඇතැම් නාගරික ප්‍රදේශවල කිලෝ මීටර 07ක පමණ දුරක් යාමට රුපියල් 700.00ක මුදලක් අයකරන අතර ග්‍රාමීය ප්‍රදේශයක කිලෝ මීටර 07ක දුරක් යාමට අයකරන මුදල රුපියල් 1000.00ක් පමණ වෙයි.

ත්‍රී රෝද රථ රියදුරන් පවසන්නේ පැය ගණන්, ඇතැම්විට දින ගණන් පෝළිම්වල සිට ඉන්ධන ලබාගැනීමට සිදුව ඇති බැවින් සාමාන්‍ය පරිදි මුදල් අයකරමින් මේ සේවාව ලබාදීමට නොහැකි බවයි.

එබැවින් ලලිත් ධර්මසේකර පවසන්නේන රජය ත්‍රී රෝද රථ ප්‍රවාහනය සඳහා නියමිත මිල ගණන් ලබා දී ඉන්ධන බෙදාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!