spot_img
spot_imgspot_img

කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ

පුවත්

විදෙස්

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ අනුව එම සේවිකාව සේවය කළ ඇසුරුම් අංශයේ අනිකුත් සේවක සේවිකාවන්ගේ හා ඇය සමග දිනපතා බස් රථයේ ගමන් කළ පිරිසගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. මෙම සාම්පල ගැනීමේ කටයුතු අවසන්වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබූ අතර සාම්පල කඩිනමින් පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙත යැවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඔවුන් කියා සිටින්නේ ඊයේ (29) දින රාත්‍රියේම ආසාදිත තරුණියගේ පළමු පෙළ ආසාදිතයන් 125ක පිරිසකගේ ජෛව සාම්පල ලබාගත් බවයි.  

“ අපි ඉක්මණින් ම පළමු පෙළ ආශ්‍රිතයන් සොයා ජෛව සාම්පල ලබාගත්තා. අද (30) සවස් වනවිට හෝ හෙට උදෑසන වනවිට ඒවායේ ප්‍රතිඵල ලබාගත හැකියැයි බලාපොරොත්තු වෙනවා. පීසීආර් පරීක්ෂණ සිදුකළ සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඔවුන් අතරින් කවරකුට හෝ වයිරසය ආසාදනය වී තිබුණහොත් එය පැතිරීමට තිබෙන ඉඩ නිසා හැකි ඉක්මණින් පරීක්ෂණ කළා. එම කණ්ඩායමේ කවුරුන් හෝ ආසාදනය වී තිබුණොත් අපිට දෙවැනි පෙළ ආශ්‍රිතයන්ගේත් පීසීආර් පරීක්ෂණ කිරීමට සිදුවෙනවා.” සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!