spot_img
spot_imgspot_img

ත්‍රී‍රෝද රිය මතට වැටුණු ගසේ තිබූ, අති දුර්ලභ උඩවැඩියා ශාකයට ලැබුණු වටිනාකම

පුවත්

විදෙස්

ගාල්ලේ කොට්ටව දී කඩා වැටුණු බූහොර ගසක් මත තිබූ අතිශය දුර්ලභ ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා ශාකයක් සුරක්ෂිතව ඉවත්කර වෙනත් උපස්ථරයක් මත ස්ථානගත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කර තිබිණි.

මේ ගස කඩා වැටීමෙන් මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රථයකට ද හානි සිදුව තිබිණි. එම උඩවැඩියා ශාකය දුටු ආකාශ් පැතුම් නමැති තරුණයකු එහි ඡායාරූප ගෙන එම ඡායාරූප මේ දිනවල ජර්මනියේ සිටින ශාක විද්‍යාඥයකු වන භාතිය ගොපල්ලව වෙත යවා තිබිණි. ඡායාරූප නිරික්ෂණය කළ භාතිය ගොපල්ලවගේ තීරණය වූයේ මෙම උඩවැඩියා ශාකය ශ්‍රී ලංකාවට ආවේණික සහ අති දුර්ලභ Bromhedia srilankensis විශේෂය බවයි.

ඒ ශාකය හඳුනාගැනීමෙන් පසු ඒ පිළිබඳ භාතිය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත එදිරිසිංහ දැනුම්වත් කර තිබේ. ඒ අනුව දිසා වන නිලධාරීවරයාට දැනුම් දී එම ශාකය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වන සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ගොස් උඩවැඩියා ශාකය එය වැවී තිබුණු කඩා වැටුණු ශාකයේ පොත්තද සහිතව ප්‍රවේශමෙන් ඉවත්කරගෙන තිබිණි. ඉන් අනතුරුව එම ශාකය වැවි තිබුණු පරිසර තත්වයන්ට සමාන වූ පරිසර තත්වයන් සහිත වෙනත් එවැනිම උපස්ථරයක ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබේ.

මේ සඳමා මූලික වූ භාතිය ගොපල්ලව පවසන්නේ තමන්ට මේ තොරතුරු ලබාදුන් ආකාශ් පැතුම්ට, වහාම ක්‍රියාත්මක වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත එදිරිසිංහ ඇතුළු නිලධාරීන්ට ස්තූතිවනත් වන බවයි. එමෙන් ම අහඹු නිරීක්ෂණයකින් මෙරට ජෛව විවිධත්වයට ඉතාමත් වටිනා දුර්ලභ ශාකයක් රැකගැනීමට හැකිවීම වැදගත් කරුණක් බවත් හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!