spot_img
spot_imgspot_img

රාජපක්ෂලාගේ වැරදිවලට දඬුවම් දෙන බව, අගමැති ඉන්දියාවේ මාධ්‍යයට කියයි

පුවත්

විදෙස්

චීනයෙන් ලැබාගත් ණය ආර්ථික ප්‍රතිලාභ ලැබෙන් ව්‍යාපෘතිවලට ආයෝජනය නොකිරීම ආර්ථික අර්බුදයට හේතුවක් බවත් ඉන්දියාවේ සහය මේ අවස්ථාවේ අවශ්‍ය බවත් අගමැති  රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ එන්ඩීටීවී සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය. එහි දී අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජපක්ෂලා වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගද ගන්නා බවයි.

මම බාරගත්තේ අභියෝගයක්. ආර්ථික අර්බුදය අවම කරන්නත්, ස්ථාවර කරන්නත් මේ තත්වය වෙනස් කරන්නත් සිදුවෙනවා. ජනතාවට ආහාර පවා නෑ. ජනාධිපතිට ඉවත්වෙන්න කියලා තරුණයන් අරගල කරනවා. අපි නැවත 19 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වැදගත් කරුණු ‍ගෙනැවිත් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. මගේ රාජකාරිය තමයි රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම යනුවෙන් ද අගමැතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

අගමැතිවරයා එහි දී සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉන්දියාවේ සහාය අපෙක්ෂා කරන බවයි. හැමදාමත් ඉන්දියාව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට උදව් කළ බව ද හෙතෙම පවසයි.

මෙහි දී මාධ්‍යවේදිනිය සෘජුව ම ප්‍රශ්න කරන්නේ මේ තත්වයට ශ්‍රී ලංකාව ඇදවැටුණේ චීනය නිසාද යන්නයි. එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ චීනයට විශාල ණයක් ගෙවීමට ඇති බවයි. චීනය සහ ජපානය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ණය ලබා දී අ ැති බවත් ඒ ව්‍යාපෘති කවරක් ද යන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකාව වුව ද ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති සඳහා ආයෝජන කර නොමැතිවීම ගැටලුවක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය විකුණා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසූ විට අගමැතිවරයා පෙන්වා දෙන්නේ වසර කිහිපයකට පෙර ඉන්දියාව ද එවැනිම තීරණයක් ගෙන ඇති බවයි.

මේ අතර ර‍ාජපක්ෂ පවුල නීතිය කඩකරලා තියෙනවානම් ඔවුන්ට විතරක්  නෙවෙයි නීතිය කඩකළ හැමෝටම ක්‍රියාමාර්ග ගන්නා බවත් එය විමර්ශන සිදුකරන අංශවල කාර්යයක් බවත් අගමැතිවරයා ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය සමඟ වැඩිදුරටත් කියා සිටියේය.

එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම පහතින් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!