spot_img
spot_imgspot_img

බදු සංශෝදන සිදුවන හැටි මෙන්න

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදය හමුවේ මෙරට බදු මුදල් වැඩි කිරීම සඳහා පනත් 05ක් සංශෝධනය කිරීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇතැයි වාර්තා විය.

මේ අනුව එකතුකළ අගය මත බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි.

එමෙන් ම ඔක්තෝබර් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට බදු යෝජනා අතර පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 03 සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීමට ද යෝජනා කර තිබේ.

එක් එක් බදු කාණ්ඩයට 4% සිට 32% දක්වා බදු පැනවීමට ද සේවා නියුක්ති ආදායම මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබේ. මීට අමතරව රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීම, පොළී හා ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු අවසානාත්මක ගෙවීම් ලෙස සැළකීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1.5ක පොළී ආදායම මත සහනය නැවත හඳුන්වාදීමට ද යෝජනා කර ඇත.

වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම ද එම යෝජනා මාලාවේ ඇතුළත්ය.

සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 24% සිට 30% දක්වා වැඩි කිරීම සහ සහනදායී බදු අනුපාතය සියයට 14% – 15% දක්වා වැඩි කිරීම, එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා අඩු කිරීම, පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාස සඳහා ලබාදෙන ලද එකතු කිරීම මත බදු නිදහස් කිරීම ඉවත් කිරීමටද යෝජනා කර ඇත.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට ද ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ධ අනු නියෝජිතයකු මගින් සිදුකරන අවස්ථාවකදී රුපියල් මිලියන 04 සිට රුපියල් මිලියන 05 දක්වා ද සජීවී විකාශන පහසුකම් භාවිතා කරමින් සිදුකරනගෙන යන අවස්ථාවක දී රුපියල් මිලියන 0.6 සිට රුපියල් මිලියන 01 දක්වා ද,සජීවී විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදුකරගෙන යන අවස්ථාවකදී රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.

2023 වසරේ අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇති අතර වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කරන බව එහි දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!