කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 17,312 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,622 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 123කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,108ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 398
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 235
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 134
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 39
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14
- එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 8.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 28%
- හැටන් වැවිළි සමාගම 20%
- ඒසීඑල් ප්ලාස්ටික් සමාගම 18%
සංවෘත කවය
කොමර්ෂල් බැංකුව කොටස් 05ක් රුපියල් 54.00 බැගින්
ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 124.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 422
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 284
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 171
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 153ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 86කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 67ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 55
- හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 40
- කීල්ස් හොටෙල් සමාගම රුපියිල් මිලියන 23
- එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල් සමාගම රුපියල් මිලියන 5.3
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 4.2
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා දුම්කොළ සමාගම සමාගම රුපියල් මිලියන 36
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 05
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 02
- ඒසීඑල් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ