spot_img
spot_imgspot_img

යුක්රේනයට යුධ ආධාර යැවීමට පෙර ඇමරිකාවේ දැරුවන් රකින්න

පුවත්

විදෙස්

යුක්රේනයට යුධ ආධාර යැවීමට පෙර ඇමරිකාවේ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අරමුදල් සැපයීමට ප්‍රමුඛත්වය දෙන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා තිබේ.

රයිෆල් සංගමයක සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා ප්‍රශ්න කළේ එක්සත් ජනපදයට, “යුක්රේනයට යැවීමට ඩොලර් බිලියන 40ක් ඇති” නමුත් පාසල්වල ආරක්ෂාව සහතික කළ නොහැක්කේ මන්ද යන්නයි.

එක්සත් ජනපදයේ විශාලතම තුවක්කු කණ්ඩායම වන ජාතික රයිෆල් සංගමයේ (NRA) රැස්වීම හූස්ටන්හිදී පැවැත්වූ අවස්ථාවේ හෙතෙම එසේ සඳහන් කර තිබිණ. ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියයාමෙන් දින කිහිපයකට පසු මෙම මැදිහත්වීම සිදුව තිබේ.

“අපි ලෝකයේ සෙසු ජාතීන් ගොඩනඟා ගැනීමට පෙර, අපේම ජාතියේ අපේම දරුවන්ට ආරක්ෂිත පාසල් ගොඩනඟා ගත යුතුයි,” ට්‍රම්ප් මහතා සිකුරාදා කතාවේදී ප්‍රකාශ කළේ දැඩි අත්පොලසන් හඬ මධ්‍යයේය.

මෙම මස මුලදී, කොන්ග්‍රස් පක්ෂයේ බොහෝ දෙනා යුක්රේනයට ඩොලර් බිලියන 40ක් (පවුම් බිලියන 31ක්) පමණ මිලිටරි ආධාර යැවීමට ඡන්දය ප්‍රකාශ කළේය. සමස්තයක් වශයෙන් ගත් කල, පෙබරවාරි මාසයේ රුසියාව ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් ජනපද නීති සම්පාදකයින් යුක්රේනයට ඩොලර් බිලියන 54 ක් පමණ යවා ඇත.

“භාවිතා නොකළ කොවිඩ් සහන මුදල් සෑම සතයක්ම ආපසු ගැනීමට කොන්ග්‍රසය වහාම ඡන්දය දිය යුතුයි,” ට්‍රම්ප් මහතා තවදුරටත් පැවසීය. “එය ප්‍රාන්තවලින් ආපසු ලබාගෙන එම මුදල් යොදවා අපගේ රට පුරා ඇති සෑම පාසලකම හැකි ඉක්මනින් නොබිඳිය හැකි ආරක්ෂාවක් ස්ථාපිත කරන්න.”

ආත්මාරක්ෂාව සඳහා, විනීත ඇමරිකානුවන්ට ගිනි අවි භාවිතා කිරීමට ඉඩ දිය යුතු බව පවසමින් ට්‍රම්ප්, තුවක්කු පාලනය දැඩි කිරීම සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

ඒ වෙනුවට ඔහු, අධ්‍යාපන ආයතන වල පිවිසුමේ ලෝහ පරීක්ෂා කිරීමේ උපකරණ සහිත ශක්තිමත් ආරක්ෂක ස්ථාන සහ අවම වශයෙන් එක් සන්නද්ධ පොලිස් නිලධාරියෙකුවත් සමඟින් පාසල් ආරක්ෂාව පිළිබඳ “ඉහළ සිට පහළට ප්‍රතිසංස්කරණයක්” යෝජනා කළේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එවැනි ආරක්ෂක පියවරයන්ට අකමැති වූ බවට ඔහු චෝදනා කළේය.

හිටපු රිපබ්ලිකන් ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කළේ උවාල්ඩේ වෙඩි තැබීමෙන් විපතට පත් වූවන්ගේ නම් කියවමින්, ඒ සෑම එකක්ම සීනු නාදයකින් සලකුණු කරමිනි.

මිලියන පහක සාමාජිකයින් සිටින NRA හි වාර්ෂික සමුළුව, දශකයක් තුළ එක්සත් ජනපදයේ පාසලක සිදුවූ දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවූ Uvalde සිට සැතපුම් 280 (කිලෝමීටර් 450) දුරින් පැවැත්විණ.

උත්සවයට පෙර, කොන්සර්වේටිව් කථිකයන් සහ සංගීත වාදකයින් කිහිප දෙනෙකු ඔවුන් සංගමයෙන් ඉවත් වන බව නිවේදනය කළහ – සෙනෙට් සභික ජෝන් කෝනින් සහ උවල්ඩ් ප්‍රහාරයට භාවිතා කළ රයිෆල් නිෂ්පාදකයා ද ඔවුන් අතර විය.

ට්‍රම්ප් මහතා ඉවත් වූ අයට පහර දෙමින් රැස්ව සිටි අයට මෙසේ පැවසීය: “සමහරුන් මෙන් නොව, නොපැමිණීමෙන් මම ඔබව කලකිරීමට පත් නොකළෙමි.”

උත්සවයේදී පුද්ගලිකව කතා කිරීමට නියමිතව තිබූ ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට්, ඒ වෙනුවට වීඩියෝ සබැඳිය හරහා එක්වෙමින් පැවසුවේ සමූහ වෙඩි තැබීම් වැළැක්වීමට තුවක්කු නීති අකාර්යක්ෂම බවයි.

“ගිනි අවි ලඟ තබා ගැනීම හෝ භාවිතා කිරීම සීමා කරන නීති දහස් ගණනක් රට පුරා පොත්වල ඇත, එහෙත් එම නීති මගින් අහිංසක මිනිසුන්ට සහ සාමකාමී ප්‍රජාවන්ට එරෙහිව පිස්සන් විසින් සිදුකරන නපුරු ක්‍රියාවන් නතර කිරීමට නොහැකි වී ඇත,” ඇබට් පැවසීය.

“උවල්ඩේ, තුවක්කුකරු ටෙක්සාස් නීතිය යටතේ වෙඩි තැබීම ආරම්භ කිරීමටත් පෙර අපරාධයක් කළේය. පාසල් පරිශ්‍රයේ ගිනි අවියක් ළඟ තබා ගැනීම අපරාධයකි. නමුත් එම නීතියට ඔහුව නතර කළ නොහැකි විය.”

https://www.bbc.com/news/world-us-canada-61614782

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!