spot_img
spot_imgspot_img

ශෂී වීරවංශට අවුරුදු දෙකක සිර දඬුවමක්

පුවත්

විදෙස්

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (27) නියෝගයක් නිකුත් කළේය. ලක්ෂ 02ක දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් මාස 06ක සිර දඬුවමක් ද නියම කෙරිණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලබා සිටි ඇය ශෂී වීරවංශ ලෙස හැඳින්වුව ද ඇගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුල මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති ලෙස හඳුනානෙ ඇත.

මෙම නඩුවට ආදලව නඩුව වසර 07ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිිකරණයේ දී විභාගය ගැණිනි.

පැමිණිලිකරු වූයේ බත්තරමුල්ලේ පදිංචි චමින්ද පෙරේරා නමැති අයෙකි. ඔහු 2015 ජනවාරි 23 වැනි දා එම පැමිණිල්ල ගොනුකර තිබිණි.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ 2010 සැප්තැම්බර් මස 13 වැන ිදා සහ 2015 පෙබරවාරි 26 වැනි දා අතර කාලයේ දී අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමනේ ආගමන විගමන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර බවට රහස් පොලිසිය විසින් නඩු පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!