spot_img
spot_imgspot_img

ලාෆ් ගෑස් ගෑස් නෑ. වෙළෙඳ පොළට එවන කතාව බොරුවක්

පුවත්

විදෙස්

ලාෆ් ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඉතාමත් ඉක්මණින් වෙළෙඳ පොළට නිකුත් කරනවා යැයි එම සමාගම විසින් පවසන කතාව අසත්‍යයක් බව මේ වනවිට අපවිසින් කරන ලද සොයාබැලීම්වලින් අනාවරණය වෙයි.

ඊයෙ (26) දිනයේ සිට ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ආයතන මගින් ලාෆ් ගෑස් වෙළෙඳ පොළට ලැබෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය.

අප එම සමාගමෙන් කරන ලද විමසීමක දී ද සමාගමේ පාලන අධිකාරිය කියා සිටියේ එම කතාව සත්‍යයක් බවයි.

නමුත් ගෑස් තොග ලාෆ් සමාගම වෙත ලැබී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලූ විට එම සමාගම උපුටා දක්වමින් කරනු ලබන ප්‍රචාරය අසත්‍යයක් බව සනාථ වී තිබේ. අවසන්වතාවට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හම්බන්තොට වරායේ ගෑස් ගබඩාවේ ලාෆ් ගෑස් සමාගම සතු ගෑස් තොගයක් තිබී ඇති අතර එම තොගය ද මේ වනවිට අවසන්ව තිබේ. එම ගෑස් ගෘහස්ථ පරිභෝජනය සඳහා නිකුත්කර නැති අතර කර්මාන්තශාලා සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත්කර ඇත.

අවම වශයෙන් ලාෆ් සමාගම ඉන් පසු ගෑස් මෙරටට ගෙන්වීමම සඳහා ණයවර ලිපි හෝ සකසා නැති බව සනාථ වෙයි.

මෙරට පාරිභෝගියන්ට වගකිව යුතු සමාගමක් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාරය කිරීම සිසදුකරන්නේ කවර නම් හේතුවක් නිසාද යන්න රජයේ අවධානයට ලක්විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!