spot_img
spot_imgspot_img

රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව

පුවත්

විදෙස්

“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු ‍පවසන්නේ රජයේ වැටුප් ගෙවීම් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරිමට සිදුව ඇති බැවින් ඉදිරියේ දි උද්දමනය තවත් ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ද වැඩිවිය හැකි බවයි. මෙය ජනතාවට දරා ගැනීමට නොහැකි තත්වයකට පත්වන බැවින් උද්ඝෝෂණ පවා වැඩිවිය හැකි වුව ද කරන්නට වෙනත් කිසිම දෙයක් නැතැයි අගමැතිවරයා පෙන්වා දෙයි.

උද්ඝෝෂණ ගැටුම්කාරී තත්වයකට නොයන තැනට රජය වගබලාගන්නා බව ද එසේ වුව ද ඉදිරි සති 06ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ගෙන ඒම සිදුකරන බව ද හෙතෙම පවසයි.

එම අයවැයෙන් වසර දෙකක සහන වැඩපිළිවෙලකට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. රටේ මිලියන 22ක් වන ජනගහණයෙන් අවදානම් කන්ඩායම් සඳහා සිය අවශ්‍යතා පිරිමසා ගැනීමට එමගින් අරමුදල් සැපයීම රජයේ බලාපොරොත්තුව බව ද අගමැතිවරයා කීවේය.

“ඉදිරිය දුෂ්කර වේවි. ජනතාවට ගැටලුවලට මුහුණ දෙන්න සිදුවන විට උද්ඝෝෂණ වැඩි වේවි. නමුත් එමගින් රටේ දේශපාලනය අස්ථාවර වෙන්න දෙන්න බැහැ. අන්තර්කාලීණ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වියදම් කපා දැමීම පමණක් නෙවෙයි. හැමදේම කප්පාදු කරන්න සිදුවෙනවා. ඒ විදියට මුදල් ඉතිරිකරගෙන අවදානම් කණ්ඩායම්වලට සහන දෙන්න වෙනවා. අපේ රුපියල් ආදායම අඩුවෙලා. දැන් අපිට මුදල් මුද්‍රණය කරන්න සිදුවෙලා. ඒක මගේ ප්‍රතිපත්තිය නොවුණත් අපිට කරන්න සිදුවනවා. ඒ නිසා උද්ධමනය තවත් වැඩි වේවි. භාණ්ඩ හා සේවා වියදම් වැඩි වේවි.”

අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!