spot_img
spot_imgspot_img

එවරස්ට් කන්ද 16 වතාවක් තරණය කළ මිනිසෙක්

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන කෙන්ටන් කූල් 16වන වතාවටත් එවරස්ට් කන්ද තරණය කර තිබේ. ඒ අනුව නේපාල නොවන ජාතිකයෙකු, මීටර් 8,849ක් උසැති එවරස්ට් මුදුනට 16 වතාවක් ලඟාවීමේ වාර්තාවට කෙන්ටන් හිමිකම් කියයි.

ඔහුගේ පෙර එවරස්ට් චාරිකා 15 කදී, ඔහු ශ්‍රීමත් රනුල්ෆ් ෆියෙන්ස් සහ බෙන් ෆෝගල් ඇතුළු අනෙකුත් සුප්‍රසිද්ධ කඳු නගින්නන්ට මාර්ගෝපදේශකයෙකු විය.

ෆෝගල් මහතා පැවසුවේ “එවරස්ට් එක වරක් තරණය කිරීම අත්හදා බැලීමක් වන අතර 16 වතාවක් තරණය කිරීම වීරත්වයකි,” යනුවෙනි.

එවරස්ට්, ලොට්සේ සහ නුප්ට්සේ ඇතුළත් එවරස්ට් ත්‍රිත්ව මුදුන් නැවත මූලික කඳවුරට නොපැමිණ එක් නැගීමකින් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා කෙන්යටන් ය.

ලොව දෙවන උසම කන්ද වන K2 කඳු මුදුනට සේවාදායකයකු මෙහෙයවූ පළමු බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශකයා ද ඔහු විය.

1996 දී කඳු තරණය කිරීමේදී සිදුවූ අනතුරකින් කෙන්ටන්ගේ විලුඹ අස්ථි දෙකම කැඩී ගිය අතර වෛද්‍යවරුන් පවසා සිටියේ ඔහුට නැවත කිසි දිනෙක ආධාර නොමැතිව ඇවිදීමට නොහැකි වනු ඇති බවයි.

ශල්‍යකර්මයකින් සහ වසරක ප්‍රතිකාර වලින් පසු ඔහු එම අනාවැකි බොරුකර ඇතත් තවමත් පාදයේ නිදන්ගත වේදනාවක් ඇති බව පවසයි.

මෙවර එවරස්ට් තරණයට පෙරාතුව, කූල් මහතා පැවසුවේ “විශිෂ්ට කාලගුණයක්” සහ “විශිෂ්ට කණ්ඩායමක්” සමඟ තත්ත්වය යහපත් වන බවයි. “එවරස්ට් වැනි කන්දක් සමග අධික විශ්වාසය භයානක දෙයක්, ඒ නිසා ඔබ මූලික කඳවුරට ආපසු යන තුරු කිසිවක් සහතික නොවේ,” ඔහු පැවසීය.

“අපි දින තුනකින් පමණ මූලික කඳවුරේ සිටිනු ඇත. අපට බියර් එකක් කඩා රෙබෙකාගේ පළමු කඳු තරණය, මගේ 16 වැනි කඳු තරණය සහ සියලුම ෂර්පා කණ්ඩායම සාර්ථක ලෙස බැස යාම සැමරීමට හැකි වනු ඇත.”

කූල්ගේ ගේ Instagram පිටුවේ සටහනක් මෙසේය: “කඳු තරණය සාර්ථකයි. කෙන්ටන් සහ කණ්ඩායම එවරස්ට් කඳු මුදුනට ළඟා වී ඇත. මෙය කෙන්ටන් ගේ 16 වැනි කදු තරණය සනිටුහන් කරයි, ෂර්පා නොවන වාර්තාවකි.”

https://www.bbc.com/news/uk-england-gloucestershire-61456426

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!