spot_img
spot_imgspot_img

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි

පුවත්

විදෙස්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්‍යයේ පාලකයා ද විය.

1948 දී උපත ලද කලීෆා, 2014 දී ආඝාත තත්වයට ගොදුරු වූ දා සිට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ කලාතුරකිනි, ඔහුගේ අර්ධ සොහොයුරා වන අබුඩාබි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සයීඩ්, එක්සත් ජනපදයට හිතවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, තෙල් නිහ්පාදකයා වන ඔපෙක් සංවිධානයේ පාලකයා වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිකුරාදා වන විට ධජ අඩකුඹු කර දින 40ක ශෝක කාලයක් ගතකරන කරන අතර සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ දින තුනකට අත්හිටුවන බව අමාත්‍යාංශය පවසයි.

කලීෆා 2004 දී ධනවත්ම එමිරේට් අබුඩාබියේ බලයට පැමිණ රාජ්‍ය නායකයා බවට පත්විය. ඔහුගෙන් පසුව ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් කුමරු අබුඩාබියේ පාලකයා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කලීෆාගේ පියා වන දිවංගත ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල්-නහ්යාන් විසින් 1971 දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය සම්මේලනය පිහිටුවීමේ සිට ගල්ෆ් රාජ්‍යයේ තෙල් සම්පතෙන් වැඩි කොටසක් හිමි අබුඩාබි රාජ්‍යය, ජනාධිපති ධූරය දරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, එමිරේට්ස් හතේ පාලකයින් කණ්ඩායම් කරන ෆෙඩරල් කවුන්සිලය නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා දින 30 ක් ඇතුළත රැස්වන තෙක් ඩුබායි හි පාලක උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් ජනාධිපති ලෙස ක්‍රියා කරනු ඇත.

https://www.reuters.com/world/middle-east/uae-president-sheikh-khalifa-bin-zayed-dies-wam-agency-2022-05-13/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!