spot_img
spot_imgspot_img

කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට

පුවත්

විදෙස්

කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ.

හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා තිබූ ගෑස් ටැංකියක් ගිනිගෙන පුපුරා යාමෙන් ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ඓතිහාසික හෝටලය වසංගත කාලයේ වසා තිබීමෙන් පසු නැවත විවෘත කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙම පිපිරීම සිදුවිය.

පිපිරීම හේතුවෙන් හෝටලය නටබුන් වී ඇති අතර එහි පිටත බිත්තියේ වැඩි කොටසක් විනාශ වී ඇත.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මේ වනවිට සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

මියගිය අය අතර ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද සිටින බව කියුබානු ජනාධිපති කාර්යාලය පවසයි.

තුවාල ලැබූවන් අවට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

හෝටලයේ කොටසක ජීවත් වන Yazira de la Caridad, පැවසුවේ “පිපිරීම භූමිකම්පාවක්” යැයි ඇය සිතූ බවයි.

ඇසින් දුටුවන් පැවසුවේ පිපිරීමත් සමඟ කළු දුමාරයක් සහ දූවිලි වලාකුළු අහසට නැගෙනු දුටු බවයි.

හෝටලයට පිටුපසින් කෙළින්ම පිහිටා ඇති පාසලට කිසිදු බලපෑමක් සිදු නොවූ අතර, එහි සියලුම දරුවන් ආරක්ෂිතව ඉවත් කර ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් තහවුරු කරයි.

කියුබාවේ ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් රජයේ පැරණි කොන්ග්‍රස් ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි හානියට පත් ස්ථානයට ගොස් ඇත. එය බෝම්බයක් හෝ ප්‍රහාරයක් නොවන බවත් අවාසනාවන්ත අනතුරක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

Covid-19 වසංගතය හේතුවෙන් ඇති වූ දුෂ්කර වසර දෙකක සිට රට තුළ සංචාරක ව්‍යාපාරය යළිත් හිස ඔසවමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.

සරටෝගා හෝටලය, මෙම කාල සීමාවේ වැඩි කාලයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වසා දමා තිබුණි.

19 වන සියවසට අයත් මෙම ගොඩනැගිල්ල හවානා හි සංචාරය කරන ප්‍රසිද්ධ පුද්ගලයින් නවාතැන් ගන්නා ස්ථානයක් ලෙස ප්‍රකටව පැවතිණ.

https://www.bbc.com/news/world-latin-america-61358186

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!