spot_img
spot_imgspot_img

කොළොම්බියානු ක්‍රියාකාරීන් 52ක් ඝාතනය කරයි

පුවත්

විදෙස්

මේ වසරේ මුල් මාස තුන තුළකොළොම්බියාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයින් 52දෙනකු ඝාතනය කර ඇතැයි බලධාරීහු පවසති.

එය 2021 වසරට ට වඩා සැලකිය යුතු වර්ධනයක් වන අතර පසුගිය වසරේ ඝාතනය කළ සංඛ්‍යාව 145කි.

කොලොම්බියාවේ මානව හිමිකම් ඔම්බුඩ්ස්මන්වරයාට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි ඇතුළු නීතිවිරෝධී සන්නද්ධ කණ්ඩායම් සමඟ ගැටෙන නිසා මෙම වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් ඉලක්ක වී ඇත.

කොළොම්බියාව, ක්‍රියාකාරීන් සඳහා ලෝකයේ වඩාත්ම භයානක රටවලින් එකක් බව නිරීක්ෂකයෝ පවසති.

වින්දිතයින් අතර ඉඩම් හිමිකම් සහ ප්‍රජා හිමිකම් ක්‍රියාකාරීන් 28 දෙනෙකු, ආදිවාසී ක්‍රියාකාරීන් 9 දෙනෙකු සහ ගොවි ක්‍රියාකාරීන් හතර දෙනෙකු සිටින බව කොළොම්බියානු මාධ්‍ය වාර්තා කර තිබේ. විපතට පත් වූවන්ගෙන් 48 ක් පිරිමින් වන අතර හතර දෙනෙක් කාන්තාවන් ය.

වඩාත්ම කම්පනයට පත් වූ එක් සිද්ධියක් වූයේ, ස්වදේශික ඉඩම් ආරක්ෂා කිරීමට උත්සාහ කරන නිරායුධ කණ්ඩායමක් සමඟ මුර සංචාරයේ යෙදී සිටියදී ජනවාරි මාසයේදී වෙඩි තබා මරා දැමූ 14 හැවිරිදි ස්වදේශික ක්‍රියාකාරිකයෙකු වන බ්‍රයිනර් ඩේවිඩ් කුකුනේම් ය.

කොළොම්බියාව 2016 වසරේදී එරට විශාලතම කැරළිකාර කණ්ඩායම වන ෆාර්ක් හමුදාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු නිල වශයෙන් සාමකාමී වේ. නමුත් ලෝකයේ විශාලතම කොකේන් නිෂ්පාදකයා වන රට තුළ අනෙකුත් සන්නද්ධ කල්ලි දිගටම ක්‍රියාත්මක වේ.

විරුද්ධවාදී ෆාක් කැරලිකරුවන් සහ තවත් මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායමක් වන ජාතික විමුක්ති හමුදාව (ඊඑල්එන්) – මෙන්ම දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම් සහ අපරාධ කල්ලි අතර භූමිය හා සම්පත් සම්බන්ධ ආරවුල් හේතුවෙන් ප්‍රචණ්ඩත්වය පසුගිය වසර අවසානය දක්වා වැඩි වීමට පටන් ගත්තේය.

“සමාජ නායකයින්ට සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට එරෙහි මිනීමැරුම් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරමට බරපතල ලෙස බලපායි” යනුවෙන් මානව හිමිකම් ඔම්බුඩ්ස්මන් කාලෝස් කැමර්ගෝ පැවසීය.

https://www.bbc.com/news/world-latin-america-61238539

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!