Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
පූර්ව ආරක්ෂණ විධිවිධාන නොමැතිව රුපියල පා කිරීම ආර්ථිකයට අහිතකර ද ? - Rata.lk
spot_img
spot_imgspot_img

පූර්ව ආරක්ෂණ විධිවිධාන නොමැතිව රුපියල පා කිරීම ආර්ථිකයට අහිතකර ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව විසින් පූර්ව ආරක්ෂණ විධිවිධාන නොයොදා විදේශ විනිමයට සාපේක්ෂව රුපියල පා කිරීමට ගත් තීරණය ආර්ථිකය බරපතල හානිදායක ලෙස බලපා ඇති බව මුළු ලෝකයේ ම පිළිගැනීමට ලක්ව සිටින ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් තම twitter ගිනුමේ සටහනක් තබා ඇත.

විදේශීය මුදල් ඒකකයන්ට සාපේක්ෂව රුපියල පා කිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක භාණ්ඩ හා අපනයන සේවා සමාගම්වලට අධික ලාභයක් අත්පත් කරගැනීමට අවස්ථාව සැළසී ඇතත්, ශ්‍රී ලංකාවේ බොහො නිෂ්පාදන හා සේවා සමාගම් තම නිශ්පාදනයන් සඳහා අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍යයන් ආනයනය කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) ගනුදෙනු 10,457ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,369ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 32කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,457ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • අගලවත්ත වැවිලි  සමාගම රුපියල් මිලියන 2,271
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 605
  • ජෝන් කීල්ස් ‍හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 365

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • අගලවත්ත වැවිලි සමාගම කොටස් මිලියන 45
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් 10%
  • සීගිරිය හොටෙල් සමාගම 10%
  • බේරුවල රිසෝට් සමාගම 09%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 532
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 390
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  217

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • අගලවත්ත වැවිලි සමාගම කොටස් මිලියන 45ක් රුපියල් 50.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 66ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 99කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 33ක් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 31
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 10
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 06
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 04
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 86
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 04
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 0.7
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 0.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!