spot_img
spot_imgspot_img

අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින්, නීතිඥ සංගමය අධිකරණයට යයි

පුවත්

විදෙස්

ජනතාවටට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා නිතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (25) ඉදිරිපත් කරනු ලැබීය.

නීතිඥ සංගමය පවසන්නේ අවශ්‍ය සියලු පාර්ශව සහ ස්වාධීන විශේෂඥයන්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය, කිරිපිටි, ඖෂධ සහ ආහාර ජනතාවට හිඟයක් නැතිව ලබාදීමට කටයුතු කිරීම අවශ්‍යය බවයි.

එම පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ මෙලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩසහ සේවා තවදුරටත් හිඟ වුවහොත් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑමක් එල්ලවන බවයි. මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ගොනුකළ මෙම පෙත්සම් දෙකෙහි සඳහන් කර ඇත.

නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශවකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!