spot_img
spot_imgspot_img

“විදෙස් ණය ගත්ත‍ේ නෑ” යැයි ජනපති කියූ ප්‍රකාශයක් බොරුවක් ?

පුවත්

විදෙස්

රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය සහභාගී වෙමින් ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ “මගේ පාලන කාලය තුළ දී විදෙස් රටවලින් සතයක් හෝ ණය ලබාගෙන නෑ” යනුවෙන් කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් යැයි FactCheck ආයතනය සනාථ කරයි.

ශ්‍රී ලංකාවට විදේශ ණය ලැබෙන්නේ මීට පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් සහ අලුතෙන් එකඟවන ණය ගනුදෙනු යන ආකාර‍ දෙකෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයේ නිවැරදි බව සොයාබැලීම සඳහා FactCheck.lk මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තා පරිශීලනය කර තිබේ.

ඒ අනුව 2020 ජනවාරි මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා වූ කාලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3,467ක් මීට පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත.

මීට අමතරව ඉහත කාල සීමාවේ දී ම අලුතෙන් ලැබෙන ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,962ක මුදලක් ලැබී තිබේ. එම ණය මුදලට චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,308ක් ද ඇතුළත්ය. මේ අනුව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව අනුව ජනාධිපතිවරයා එදා කර ඇත්තේ සාවද්‍ය ප්‍රකාශයකි.

ඒ අනුව, ජනපතිවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. 

FactCheck.lk සබැඳිය – http://factcheck.lk/claim/gotabaya-rajapaksa-13

මූලාශ්‍ර

නිව්ස්වයර් (NewsWire). 2022. ”මගේ අවුරුදු දෙක ඇතුළත සතයක් වත් විදේශ ණය අරගෙන නැහැ – ජනපති (No foreign loans have been taken during my two years” President) – newswire.lk

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2022,  ප්‍රවේශය:  https://www.treasury.gov.lk/api/file/16e9c6ec-7a13-4220-a8a7-1427c5d14785  

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2020, ප්‍රවේශය:  https://www.treasury.gov.lk/p/annual-reports  

ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2021 සැප්තැම්බර්, ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20211115_external_sector_performance_september_2021_e.pdf  

ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2021 අප්‍රේල්, ප්‍රවේශය:  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20210617_external_sector_performance_april_2021_e.pdf  

ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2020 මාර්තු, ප්‍රවේශය::  https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20200601_external_sector_performance_march_2020_e.pdf  

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි.  සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට සුදානම්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!