spot_img
spot_imgspot_img

දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්

පුවත්

විදෙස්

බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා ඇතැයි පාසලේ දෙමාපියෝ චෝදනා කරති.

සිසුවියන්ට අතවර කළ බව කියන මෙම පුද්ගලයා මීට ඉහත දී ද එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර විවිධ අවස්ථාවල දී පහරකෑම්වලට ද ලක්වූ පුද්ගලයෙකි.

පාසල් නිවාඩුව ආරම්භවීමට පෙර සතියේ පාසල් භූමියේ ඔහු භාරයේ ඇති ස්ථානයක දී සිසුවියන්ට අතරව කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් ලොග් සටහනක් තබා අදාල ක්‍රියාමාර්ග ගැනීම විදුහල්පතිනියගේ වගකීම වුවද විදුහල්පතිනිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනාවක් එල්ල වී ඇත.

කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිනිය විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාට දැනුම් දී ඇතත් නියෝජ්‍ය විදුහල්පතිවරයා ද එම ලියුම් අමාත්‍යාංශයට යවන බව කීව ද ඒවා යොමුකර නැත.

පාසල් සංවර්ධන සමිතියේ කමිටු සාමාජිකයකු අප සමඟ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙස ද පාසල් බලධාරීන් විසින් අදාල සිසුවියන්ගේ දෙමාපියන්ට උපදෙස් දී ඇති බවයි. අතවර කළ පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පාසලේ වගකීමක් බැවින් පොලිසියට නොයන ලෙස ඇය දෙමාපියන්ට පවසා ඇත.

විදුහල්පතිනිය එසේ කීව ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම සහ අතවර කරන ලද පුද්ගලයා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන සිදුවීම අවසන් කිරීමට උත්සාහ ගන්නා බැවින් මේ පිළිිබඳ යළිත් දෙමාපියන් විසින් ප්‍රශ්න කර තිබේ.

ඒ අනුව ඊයේ (21) හදිිසියේ ම පාසලට පැමිණි විදුහල්පතිනිය සිද්ධිය සම්බන්ධ ලොග් සටහනක් තැබීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ. ඒ අතවරය සිදුව මාසයකට ආසන්න කාලයකට පසුවය.

මේ සම්බන්ධයෙන් බලපිටිය රේවත මහා විද්‍යාලයේ විදුහල්පතිනිය කේ.ඒ.තමරා කුමාරිගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා. මම ඒ ගැන සියලුම වගකිව යුතු ආයතනවලට දැනුම් දී තිබෙනවා. අපි ජාතික පාසලක් නිසා ජාතික පාසල් අධ්‍යක්ෂවරයාටත් දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් දැන් විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් නොදුන්නේ ඇයිදැයි අපි විදුහල්පතිනියගෙන් විමසූ විට ඇය කියා සිටියේ ජාතික පාසලක් බැවින් ඒ බව පොලිසියට දැනුම් දීමට අනවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!