spot_img
spot_imgspot_img

පොතෙන් පිට කිසිවක් නොදන්නා දරු පරපුරක් බිහි වී සිටිනවා. සාහිත්‍යකරුවන් ද ඊට වගකිව යුතුයි

පුවත්

විදෙස්

අද තිබෙන තරඟකාරී සමාජ පරිසරය දරුවන්ට සමබර පෞරුෂයක් ගොඩනගාගන්න ඉඩ සලසන්නේ නැත.

ඔවුන්ට නිදහසේ සෙල්ලම් කිරීමට, දෙමාපියන්ගේ ආදරය ලබන්න, සතා සීපාවාට ගහ කළෙට ආදරය දක්වන්න, තමන් කැමති දෙයක් කරන්න මේ තරඟකාරී අධ්‍යාපන රටාව ඉඩ දී නැත. එබැවින් අද වනවිට දරුවන් යන්ත්‍ර බවට පත්ව සිටියි.  ඔවුන්ට පාසල් පෙ‍ළ පොතින් පිටත කිසිදු දෙයක් සම්බන්ධයෙන් පිළිතුරු නැත.

“අපි සතෙක් මැරුණමත් කණගාටු වූ ජාතියක්. හතුරෙකුට විපතක් වුණත් අනේ අපොයි කියූ ජාතියක්. නමුත් මේ සංවේදීතාව ක්‍රමයෙන් අ‍පේ ජන සමාජයෙන් ඈත්ව යනවා. හැමෝම විශාල තරඟයක යෙදී ඉන්නවා. බෙදා ගන්න තිබෙන බෙදාගත යුතු දේ වුණත් බදා ගන්න තමයි අපේ අය දැන් උත්සාහ කරන්නේ. ආදරය වුණත් ඒ වගේ.”

අද දිනයේ බිහිවන ගීත පවා මේ සමාජයේ පිළිබිඹුවකි. ආදරය හා ප්‍රේමයත්, අද විවෘත වෙළෙඳ පොළේ විකිණෙන භාණ්ඩයක්, කාන්තා ලාලිත්‍යයේ සුන්දරත්වය වෙනුවට අද ගීතයෙන් අපට හමුවට ගෙන්නේ කාන්තාව නම් වූ පාරිභෝගික භාණ්යක් පමණයි. අපට මව බිරිඳ යෙහෙළිය, සොහෙයුරිය දියණිය වන කාන්තාව අද ගීතයේ නිකම්ම කිම් නොම්මරයක් පමණි.

අද ඇහෙන ගීතයෙන් දරුවන්ට දැනෙන්නේ හැඟීම්වලට වහල් වෙන්න කියන පණිවිඩය පමයි. මේ භවයේ එක් වෙන්න පින් මදිනම් මතු භවයේ දී එක්වෙන්න එකම තැනක දී මැරෙමු කියා මැරෙන්න උගන්වන ගීතයක් අද දක්නට ලැබේ. මේ ප්‍රෙම විප්‍රයෝගයෙන් දිවි අහිමිකරගන්නා සිය ගණන් තරුණ ජීවිතවලට මෙවැනි අවර ගණයේ මතවාද වපුරන ගීතත් වගකිව යුතුයි.

අද ඇත්තේ ගේය කාව්‍යයක් නොවේ. තැන තැනින් වචන අහුලාගෙන වාත්තු කරපු ලචොරු පද රචනා. ගීතයක් ලියන්න පෑන අතට ගන්න රචකයකුට දැනෙන්න ඕනෑ ජාතියක බර. මේ වචන මුමුණන දරුවන් ගැන ඔවුන් හිතන්න ඔනෑ. මේ සමාජයම වගකීම බර නොගෙන මොනවා හෝ තනුවකට ඇඟ හිරිවට්න රූප රචනයකට ගැළපෙන වචන වාත්තු කරනවා නම් ඔහු ගීත රචකයෙක් විය නොහැකියි. අවාසනාවකට අපේ දූ දරුවන් අද ගීත කියලා අහන්නේ මේවා ප්‍රවීණයන් මුනිවත රකින්න රකින්න මෙය සමාග ගත වෙයි. ඒ හේතුවෙන් සමාජයේ හැම මට්ටමක ම අද යහපත් සාහිත්‍ය නිර්මාණ ගැන කතිකාවක් ඇතිවිය යුතුයි. අපේ ශක්ති ප්‍රමාණයෙන් අද අපි දායක වී සිටින්නේ මේ යථාර්ථයටයි.

විමලරත්න කුමාරගම කවියා ආණමඩුවේ අලියාවැටුණු වැවට කුඩා ගල් කැටයක් විසි කළ විට වැටුණු තැනින් රැළලි මාලාවක් මුතුවූ විට ඔහු ලීවේ මේ ආකාරයෙනි.

“ මම විසි කළේ එක ගල් කැටයකි වැවට

එක කවියකින් මොනවද නොකළැකි ලොවට”

ඒ ආකාරයෙන් ම හොඳ ගීතයකින් ලෝකයට ලොකු සේවයක් කළ හැකියි. වෙනසක්, බලපෑමක් කළ හැකියි.

වරක් විශාරද ගුණදාස කපුගේ රජරට සේවයේ අධ්‍යක්ෂ වශයෙන් වැඩ කරමින් සිටිය දී ඈත ගමක සිට වයෝවෘද්ධ කාන්තාවක් පැමිණ ඔහු හමුවූවාය. ඇය ඔහුගේ දෙපාමුල වැඳ වැටුණු විට කපුගේ “අනේ අම්මේ මට වඳින්න එපා. මට පව් සිද්ධ වේවි” යැයි කී‍වේය.

එවිට එම මාතාව.

“නෑ පුතේ, උමට පව් නෑ, පුතා ගායනා කරපු සිංදුවක් නිසා ආං මගේ දරුවෝ දේනනා මරාගන්න ගියපු එවුං දෙන්නා සමඟි වුණා. උඹට ඒ පිනම ඇති” යැයි කීවාය.

ඒ ගීතය තමයි අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගීතය. අප්පච්චිගේ කුමුරු කෑලිවලට රණ්ඩු වුණු සහෝදරයෝ දෙන්නා සමගි වුණේ මේ ගීතය හේතුවෙනි.

මෙවැනි ගීත දරුවන්ට රසවිඳින්න සැළසුවහොත් ඔවුන් ‍ජීවිතයට ආනන්දයක්, ප්‍රඥාවක් ලැබෙන බව අවබෝධ කරගන්නා බව ස්ථිරයි. නමුත් අප වර්තමානයේ කරන්නේ දරුවන් බොළඳ හරසුන් දේ ලබා දී ඔවුන්ගේ සංවේදීතාව, රසඥතාව පිරිහී ඇතැයි පැවසීමයි.

අප දරුවන්ට දිය යුත්තේ හොඳම දෙයයි.

ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර සමඟ මාධ්‍යවේදී අමිල චින්තක ගමගේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.  

මාතොටින් එන උතුරු සුළ‍ෙඟේ, උතුරින් එන දුම්රියේ දේවී, ජයසිරිමා හාමුදුරුවනේ, පැන මඩ කඩිති වැව්තලාවල වැහි කාලේ වැනි සුභාවි ගී රැසක් මෙරට ගීත සාහිත්‍යයකට දායාද කළ ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!