spot_img
spot_imgspot_img

ඇමති අනුහසින් රටට රිංගාගත් එතනෝල් ජාවාරම්කරුවෙක් ගැන පරීක්ෂණ

පුවත්

විදෙස්

එතනෝල් ජාවාරමට සම්බන්ධයැයි සැකකරනු ලබන ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔහු කාලයක් සිට ඩුබායි හි සැඟව සිටි බවත් මෙරටට පැමිණි අවස්ථාවේ දී ඇමතිවරයකු සහ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් මෙලෙස ප්‍රභූ පර්යන්තය ඔස්සේ හොර රහසේ ම රටට ඇතුළු වී ඇති බවත් ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පවසන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලැබුණු දැනුම්දීමක් මත මේ විමර්ශන කටයුතු ආරම්භකර ඇත. පරීක්ෂණයේ වාර්තා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව ද සභාපති පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!