spot_img
spot_imgspot_img

පාන් පෝළිම් යුගයක් එයි. පාන් මිල වැඩි වෙයි ?

පුවත්

විදෙස්

පාන් ගැනීමට පෝළිමේ සිටීමට සිදුවන කාලයක් තවත් දින කිහිපයකින් උදාවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සබාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට පාන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තිරිඟු පිටි නොමැතිවීම නිසා බේකරි වසා දැමීමට සිදුව ඇති බවයි. මේ වනවිට සතොස අළෙවි සැල්වල පවා තිරිඟු පිටි නැත.

“අපි මේ ගැටලුව ගැන පිටි ආනයනය කරන සමාගම් සමඟ සාකච්ඡා කළලා. නමුත් ඔවුන් පවසන්නේ ආනයනයට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් නොමැති නිසා පිටි ආනයනය කළ නොහැකි බව. ඩොලර් ලැබෙනවානම් පිටි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවත් ඔවුන් කියනවා. අපේ බේකරි සන්තකයේ තිබෙන පිටි තොග දැන් අවසන්වීමට ඉතාත් ආසන්නයි. මේ නිසා ඉදිරියේ දී පාන් පෝළිම් ඇති වේවි. ඒ වගේ ම පාන් මිල ඉහළ දැමීමටත් සිදු වේවි.”

ඔහු මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!