spot_img
spot_imgspot_img

චීන විදේශ ඇමතිගේ සංචාරයෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑම

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 80,526ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,644ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 111කින් ඉහළ ගිය අතර, එය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 13,280ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 1,145යි, අමානා බැංකුව රුපියල් මිලියන 856යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 778යි, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර අමානා බැංකුව කොටස් මිලියන 223යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් කොටස් මිලියන 42යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 42යි ලෙස ප්‍රමුඛ විය.

සංවෘත කවය තුළ, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් 725,000ක් රුපියල් 28.00 බැගින් ද, එල්වීඑල් එනර්ජි කොටස් ලක්ෂ 19ක් රුපිල් 11.50 බැගින් ද ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 02ක් රුපියල් 152.00 බැගින් ද, සොෆ්ට්ලොජික් සමාගමේ කොටස් ලක්ෂ 15ක් රුපියල් 54.00 සහ 57.00 බැගින් ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර මූලික කෙටස් නිකුතුවකින් අද ගනුදෙනු ආරම්භ කළ කප්රුක සමාගමේ කොටස් මිල 44%කින් ද, පීපල්ස් මර්චන්ට් බැංකුව 25%කින් ද, ආසිරි රෝහල් සමූහය 24%කින් ද කොටස් මිල ඉහළ යනු දක්නට ලැබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර තවදුරටත් එක්ස්පෝ ලංකා සමාගම බිලිය 770ක වත්කම් වාර්තා කරමින් පළමු ස්ථානයේත්, එල්ඕඑල්සී සමාගම බිලියන 670ක වත්කම් වාර්තා කරමින් දෙවැනි ස්ථානයේත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම බිලියන 261ක වත්කම් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයේත් පසුවිය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 165 ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1177ක කොටස් විකුණන ලදී. ඒ අනුව අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් කොළඹ කෙටස් වෙළෙද පොළෙන් රුපියල් මිලියන 1012ක මුදලක් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 44යි, හේලීස් සමාගම රුපියල් මිලියන 28යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 17යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලිය 10යි, කැලනිවැලි සමාගම රුපියල් මිලියන 04යි ලෙසත් කොටස් විකුණූ සමාගම් අතර අමානා බැංකුව රුපියල් මිලියන 810යි, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාම රුපියල් මිලියන 142යි, ඕවර්සීස් රියලටි සමාගම රුපියල් මිලියන 45යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 43යි, කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 23යි වශයෙන් ප්‍රධාන විය.

ඉන්දියාව සමඟ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් කිරීමත්, චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති’

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!