spot_img
spot_imgspot_img

විශ්‍රාම වයස සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කරයි

පුවත්

විදෙස්

මෙවර අයවැය විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛය අද (14) භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර තිබේ.

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 02/2021 නමින් නිකුත් කර ඇති එය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, සියලුම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය ව්‍යාපාර (රාජ්‍ය බැංකු ද ඇතුළුව) සභාපතිවරුන් වෙත යවා තිබේ.

එහි දැක්වෙන්නේ 2021 දෙසැම්බර් මස 10 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත වූ 2022 අයවැය නිර්දේශ මත දැනට රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නිරත අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරන බවයි. ඒ අනුව 2021 ජනවාරි 01 වැනි දින සිට වෛකල්පික විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57ක් වන අතර කිසියම් අයකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අදහස් කරන්නේ නම්, සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කර ඇත.

වයයස අවුරුදු 57 සිට 62 දක්වා වූ කාලයේ දී සේවකයකු තම අභිමතය පරිදි විශ්‍රාම ගන්නේ නම් තම පත්වීම් බලධාරියා වෙත මාස 03කට පෙර ඒ බව දැනුම් දී විශ්‍රාම ගැනීමට හැකියාව ඇත.

එමෙන් ම, යම් සේවකයකුගේ කාර්යකෂමතාව සතුටුදායක නොවන අවස්ථාවක වයස අවුරුදු 57 ඉක්මවා සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන්නේ නම් එයට එරෙහිව සේවකයාට අභියාචනා කිරීමට අවස්ථාවක් ලැබෙන පරිදි මාස 06ක පූර්ව දැනුම් දීමක් කර විශ්‍රාම ගැන්වීමට ද පත්වීම් බලධාරියාට හැකියාව ඇත.

අද නිකුත් කර ඇති චක්‍රලේඛයේ දක්වා ඇත්තේ රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දිනැති හා අංක 01/2013 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අවලංගු කරන බවයි.

PE circular
PE circular

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!